(සුජිත් හේවාජුලිගේ )
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින් ඉවත් කර ඇත. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත.
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස 1 වැනි දින අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳයි. හැබැයි මේ විවාහ ක්‍රමය ඒ තරම් ප්‍රශ්නයක් වුණු දෙයක්වත් සිද්ධ වුණු දෙයක්වත් නොවේ. මේ සමගම සැබෑවටම රටට ප්‍රශ්න වී තිබෙන තවතවත් දේ ඇත. ඒවාද වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...
රටේ විවිධ පුරවැසියන්ට ජාතිය, ආගම සහ උපන් ස්ථානය අනුව එකඑක නීති හදන්නේ නැතිව රටේ සියලු දෙනාටම එක නීතියක් හදන්න.
"එක ගෙයි කෑමේ" විවාහ නීතියත් ගෙනෙයි වගේ ළඟදීම..
උඩරට නීතිය අනුව එකගෙයි කෑමත් නීත්‍යානුකූලයි නේද?
උඩරට සිංහලයට නීතිය වෙනස් කරා. ඒක හොඳයි. අනිවාර්යෙන් පොඩි දරුවො රැක ගන්න ඕන. ඒත් ඔබ දන්නවාද තවමත් ලංකාවේ අවුරුදු 12ටත් අඩු කුඩා දැරියන් බඳින්න මුස්ලිම් අයට නීතියෙන් ඉඩ තියෙන බව. ඒ වගේම තුන් පාරක් තලාක් කීමෙන් තමන්ගේ බිරිය දික්කසාද කිරීමට මුස්ලිම් පිරිමියාට හැකි බව. ඇයි මේ නීති වෙනස් කරන්නෙ නැත්තේ.. කෝ මානව හිමිකම්..?