(අංජුල මහික වීරරත්න)
කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි එම කර්මාන්තකරුවෝ පවසති.
මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය රැකගැනීම සඳහා අද (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබූ බවත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවතුණු බවත් කුකුළු කර්මාන්තකරුවෝ කීහ.
ආර්ථික අර්බුදකාරී තත්ත්වය මැද සත්ව ආහාර මිල ඉහළ යාම හා 2021 වර්ෂයේ මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටීම සත්ව ආහාර හිඟයට හේතු වූ බව කී කර්මාන්තකරුවෝ සත්ව ආහාර සැකසීමට යොදාගන්නා බඩඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් දැනට පිටරටින් මෙරටට ආනයනය කර ඇති සහල්වලින් කොටසක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහ.
මෙම කරුණු සලකා බැලූ කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යන ආයතන එක්ව මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් වහාම සකසන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව ඔම්ලට් දමන්න එපා. පවු මිනිස්සුන්නේ අපි ගැන පත්තරේ දමන්න එපා.
මස් බිත්තර කෑවොත් පවු සිද්ද වෙනව නේද අපේ හාමුදුරුවනේ.
වැස්සි පැටව්,කිකිළි පැටව් ඔක්කොම රටින්ම ගේන්නෙ ඒ සත්තු මේ රටේ හදන්න බැරිද නැත්නම් කොමිස් නැති නිසාද එහෙමත් නැත්නම් රේගු ගාස්තු ගන්නද.ලංකාවෙ කිකිළි පැටව් හැදීමට තරම් මොළයක් තියෙන එවුන් කවුරුවත්ම නැද්ද
බිත්තරත් රතු දත්ත ලැයිස්තුවට යයිද දන්නේ නැහැ.
ඕවා නැති වුණා කියලා ජීවත්වෙන්න පුළුවන්නේ. බෙහෙත් සහ අත්‍යාවශ්‍ය දේවල් වලටයි සල්ලි දෙන්න ඕනි.
දැන් බිත්තරයක් කන්න හිතුණොත් දියවන්නාවේ පාර්ලිමේන්තු ආපන ශාලාවට යන්න සිද්ද වෙයි වගේ... අපිට නැති හැම දෙයක්ම එහෙ තමයි තියෙන්නේ..!
මහින්ද අමරවීර කියන පරිදි තව මාසයක් යනකොට විශාල බඩඉරිගු අස්වැන්නක් ලැබෙනව. එතකොට මේ ප්‍රශ්නෙ විසඳෙනව. ප්‍රශ්නෙකට තිබෙන්නේ දේශපාලකයො කියන ඒ වායින් 80% ක් බොරු.
මෙ තත්වයට හේතුව පොහොර තහනම. ඒ ගත් වැරදි තීරනයට වග කිවයුත්තන්ට දඩුවමක් නැද්ද? ..
කරුමෙ කියන්නේ මේ දේශපාලුවන් කියන එකත් විශ්වාස කරන මිනිස්සු තාමත් ලංකාවේ ඉන්නවනේ...!
ඇයි බිත්තර මිල අඩුනිසා කිකිලියෝ බිත්තර දමන්නේ නැද්ද? තවත් ගණන් ගියාම විකුණන්න කිකිළියන් දාන බිත්තර විකුණන්න එපා... තියාගන්න...