(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
අපි ඒ ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා.ඊට කලින් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේවා හංගලා කරන්න බැහැ. විවාදයට පෙර මේක අපේ මේසවල තියෙන්න ඕන. රට වැටිල තියෙන තත්ත්වය අපි දන්නවා. ඒ නිසා අපි උදව් කරන්න සූදානම්. නමුත් ගිවිසුම් හංගන්න එපා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා;
මම මේ ගැන අද උදේ මහ බැංකු අධිපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමාගේ විරෝධතාවයක් නැහැ. අධිපතිතුමා ඕන වෙලාවක මේ වාර්තාව දෙන්න සූදානම්. නමුත් ඒකෙ අවසාන තීරණය තියෙන්නෙ මුදල් ඇමතිතුමා ළඟ. බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙනවා. මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්න කියල එතුමා මට දැනුම් දුන්නා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට.පාර්ලිමේන්තු වට හෙළි කරන්න බැරි කරුණු තියනවා කියලා කාටවත් කියන්න බැහැ.අපි මේවා හොරෙන් කරනවා කිව්වොත් ජනතාව විරුද්ධ වෙනවා. අපි කරන්නේ මොකද්ද කියල මේසෙ උඩ පැහැදිලිව තියෙන්න ඕන. ඒ තීරණය වැරදියි. අපේ රටේ විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 20ට අඩු වෙනවා කියලා ඔබතුමා දැනගෙන හිටියෙත් නෑ. පාලිමේන්තුව දැනගෙන හිටියෙත් නෑ. ඔබතුමා එක දැනගෙන හිටියද. දැනගෙන හිටියෙ නෑ. අපි කව්රුත් දන්නෑ. අඩු තරමින් ඔබතුමාට දැනුම් දෙන්න තිබුණා.
කතානායක:
හරි.මම ඒ ගැන මුදල් ඇමති තුමා සමග සාකච්ඡා කරන්නම්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා කළාම 20, 100, 1000 වෙනවාද?
මොනවද ඉතින් ඕවාගේ ඔච්චර සංවේදී වෙන්න තියෙන කාරණා..? හැමදාම කරා වගේ දුප්පත් මිනිසුන්ට බදුබර පටවලා, පොහොසත් මිනිස්සු බද්දෙන් නිදහස් කරයි...
හංගලා ගැහිල්ල නිසා තමයි රට වලපල්ලටම ගියේ....
ජනතා දුක ගැන ඉතාම සංවේදී පිරිසක් ඕකේ ඉන්නේ... මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දී තෙල් කෝටාව ෂේප් එකේ වැඩි කරගත් හැටි මතකයි...
හරිහමන් කෙනෙක් කිව්වනම් කමක් නැහැ කිරිඇල්ලට කිව්වත් ඕක තේරෙයිද?
අපේ බෙල්ල මිරිකලා මරලා දාපියව් බදු නොගහා ඒක හොදයි තොපිට නැතිනම් මේක විකුණපියව්.
Suzerainty or supreme power is with the people is guaranteed by the Prime Law - the Constitution. Hence, none is above the Law.
ඔය රනිල් ම නේද යහපාලන සමයේ මහා ලොකුවට පම්පෝරි ගහල මහජනතාවට "තොරතුරු දැනගැනීමේ " පනතක් සම්මත කරේ ?
ඔහෙලා ඔක්කොටම සංවේදී තැන් බලාගන්න පුළුවන් නුදුරු අනාගතයේදී
බයියන්ට නම් කමක් නැහැ... රටට මොනවා වුණත්.
රටට, මිනිස්සුන්ට අනිවාර්යයෙන් හොඳක් වෙන දේවල් ඕකෙ තියෙන්නේ. සංවේදි වෙන්නේ ඉතින් ඇමතිලා සාක්කුවට තමයි. කරුණාකරලා සල්ලි මේ නඩයට නොදී නිසියාකාරව යොදවන්න ක්‍රමයකුත් යෝජනා කරන්න. නැතිනම් සල්ලිවලට වෙච්චි දෙයක් නැතිවෙයි.