ලක්ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි
අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.