IMG-LOGO

රාජ්‍ය ඇමතිවරුන් රටට බරක් වෙන්න දෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)      

අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවේ යැයි ඔවුන්  සියලු දෙනා වැඩ කරන්නේ කිසිඳු වරප්‍රසාදයකින් තොරව යැයිද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දැනට පත් කර ඇත්තේ කැබිනට්  අමාත්‍යවරුන් 20 දෙනකු පමණක් බවද ඒ ප්‍රමාණයෙන්  ආයතන පවත්වාගෙන යාමට අපහසු බවද අමාත්‍යවරයා කීය.

 උදාහරණයක් ලෙස තම අමාත්‍යාංශයේ  ආයතන 35ක් තිබෙන අතර තමාට තනියම වැඩ කරන්න අමාරු බවද  රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ විට ඔවුන්ට ඒ ආයතන පවරා දිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන්  සියලු දෙනා වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපට නිසා ඔවුන්  රජයට ලොකු බරක් වෙන්නේ නැතැයි ද  පසුගිය ආණ්ඩුව කාලේ  ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටි අතර ඔවුන් සැමට අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන් බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ‍ මේ බව පැවසීය.

 



අදහස් (18)

රාජ්‍ය ඇමතිවරුන් රටට බරක් වෙන්න දෙන්නෙ නෑ

ravin Thursday, 08 September 2022 05:58 PM

කොහොමත් කට්ටිය රටට බරක් මිස වැඩක් නම් වෙන්නේ නැහැ.

:       0       22

පුරවැසියෙක්.... Thursday, 08 September 2022 06:02 PM

රටට , ජනතාවට බරක් නොවන්නේ නම් යහපතකි.

:       4       7

පුරවැසියෙක්...... Thursday, 08 September 2022 06:06 PM

අදහස් යොදන්න...

:       0       0

Dharmatileke Thursday, 08 September 2022 07:14 PM

බර ගැන කතාකරනකොට, ඔබගේ බර ගැන මට ප්‍රශ්නයක් තියෙනවා..

:       0       3

සිල්වා Thursday, 08 September 2022 08:20 PM

ඔබතුමා ඇතුළු සියලු දෙනාම මහජනතාවට බරකි එයින් නිදහස්වීමට නම් අපට මහඡන්දයක ඉක්මනින් අවශ්‍යයි.

:       1       25

pathiraja Thursday, 08 September 2022 09:11 PM

අනේ අනිච්චන් කියුවාලු

:       0       17

Chathuri Thursday, 08 September 2022 09:40 PM

මෙයා කියනවා අලුතින් පත්පවුන කට්ටිය රටට ජනතාවට බරක් වෙන්නෙ නැහැලු. ඒ මෙයාට දැනෙන හැටි. මේ හැතිකරේ නිසානෙ රට කඩාගෙන වැටුනෙ. නාකි රැලම පත් කරන්නෙ උගත් තරුන පිරිස් කොයිතරම් ඉන්නවද? ඇයි ඒ ලමයින් අරගන්කෙ නැත්තෙ. ප්‍රශ්නය තියෙන්නෙ එතනයි. මරුවෙන් මාරුවට පැති මාරුකරමින් මේ කාලකන්නි රට කනවා. මුන් ඉන්න කම් මෙ රට ගොඩ ගන්න බැහැ. සියලුම දෙනා එලියට බැහැලා මේ නාකි රැල එලවන්න. වරප්‍රසාද නැහැ කියලා හොඳට හොරා කනවා. මුන් හිතන්නෙ මුන් කොහොමද ඉක්මනට පොහොසත් වෙන්නෙ කියන එකයි. ජනතාව ගැන කැක්කුමක් නැහැ. පුලුවන් ඉක්මනට මුන්සේරම එලවන්න ඕනා.

:       0       12

Sahara perera Friday, 09 September 2022 01:07 AM

ඔව් ඔව් ඔබගේ ගෙදෙර ගෙනිහින් නඩත්තු කරනව කියා දැනුම් දීලා තියනවලු. මේ හලෝ ඕගොල්ලොන්ගෙ බයිලා අහන් එහෙයි එහෙයි කියන සමාජයක් නැති බව තාම දන්නේ නැතිද? රටට බරක් වෙන්න දෙනේනේ නැහැ. අනේ මේ.

:       0       11

ගමේ එකාලා Friday, 09 September 2022 02:22 AM

කොහොමටත් ඔය දූෂිත දේසපාලුවෝ රටට බරක් විතරක් නෙවෙයි ,මුලු රටටම හෙනයක්.

:       0       5

beau Friday, 09 September 2022 05:08 AM

රටට බරක් වෙන්නේ කොහොමද? රටේ ඇමැතිලා ඔක්කොම සූරගෙන කාලා ඉවරයි...!

:       0       4

Perera Friday, 09 September 2022 05:53 AM

ඕවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.

:       0       8

ලුම්බිණි Friday, 09 September 2022 05:59 AM

වැඩ කරන්නේ කිසිඳු වරප්‍රසාදයකින් තොරව කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ රටට බරක් නැහැ කියල. මේක අනවශ්‍ය වියදමක්.

:       0       7

LGPJ Friday, 09 September 2022 06:00 AM

Another shopping for the Government only.

:       0       7

sharm warn Friday, 09 September 2022 10:21 AM

මෙ වගෙ තුප්පහියන්ගෙ කතා වලින් පුවත් මවන්නෙ වෙන කියන්න වඩගත් ඩෙයක් මෙ රටෙ නැත්තටම නැති නිසඩ? මුන් වරප්‍රසද විඩින්නෙ අපිට කියල අපෙන් අහලද? අඩු ගනෙ තමන්ගෙ කප්පම් නඩුව වත් හරියට විභග වෙන්න නොදී ඉන්නෙ වරප්‍රසාද භුක්ති විදීමක් නෙමෙයිද?

:       0       3

samaadi Friday, 09 September 2022 11:12 AM

රාජ්‍ය ඇමැති කෙනෙකුට මාසයකට කීයක් විතර වැයවෙනවද?

:       0       5

diwulagala Friday, 09 September 2022 11:26 AM

මොනවාහරි කියව කියවා ජනතාවගේ බදුමුදල්වලින් සැපෙන් සනීපෙන් ජීවත් වෙන්න තමයි හැම උප්පරවැට්ටියක්ම දාන්නේ... ඕක ජනතාවට බරක් මිස සැහැල්ලුවක් නොවේ..!

:       0       4

Ane yako Friday, 09 September 2022 01:13 PM

ඔක්කොම අයගේ බර එකතු කළාම මෙයාගේ බරට සමානයි..

:       0       5

Bamunuarachchi Saturday, 10 September 2022 11:18 AM

වෙන කතා ඕනේ නැහැ මොවුන් සංහතියම අපිට බරක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site