IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී

 

(සුජිත් හේවාජුලිගේ)

විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා  දරුවන්  30,000 ගේ  උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි  රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ඝනක යන්ත්‍ර  විසිපන්දාහක  හදිසි අවශ්‍යතාවයක් රටේ  පවතින හෙයින්  වෙළෙඳ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සෘජුවම මැදිහත්වී  මෙම  යන්ත්‍ර අවශ්‍ය ප්‍රමාණය ආනයනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්  උසස් අධ්‍යාපන හා තාක්ෂණික ආයතන හරහා දරුවන්ට බෙදාහැරීමට ඒකාබද්ධ  වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

පසුගිය වසරේ  උසස් පෙළ ප්‍රතිඵල  මත පදනම්ව දරුවන්  විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගැනීම් දැනටමත්  ආරම්භවී ඇති බවත් මෙම පාඨමාලා අතුරින්  කලා හා වෛද්‍ය  පාඨමාලා හැරුණවිට අනෙකුත් බොහෝ පාඨමාලා තාක්ෂණය හා ගණිතය පදනම් කරගත් ඒවා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කලමනාකාරණ  පාඨමාලා සඳහා දරුවන්  6500ක්ද  ඉංජිනේරු  පාඨමාලා සඳහා  2400ක්ද  භෞතීය විද්‍යාව  සඳහා 2400ක්ද  පරිඝණක විද්‍යාව  සඳහා 800ක්ද  ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 1400ක්ද   විවිධ තාක්ෂණික  ආයතන වලට  15,000 ක්ද  බඳවා ගැනෙන බව පැවසූ වලේබොඩ මහතා එම පාඨමාලා හදාරන සියලු දෙනාටම පාහේ අත්‍යාවශ්‍යවන  ඉගෙනුම් උපකරණයක්වන ගණක යන්ත්‍රවල (scientific calculator) විශාල හිඟයක් මේ වනවිට නිර්මාණයවී ඇතැයිද පෙන්වාදුන්නේය.

වෙළෙඳපොළේ  කිසිම තැනක මෙම විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator) සොයා ගැනීමට නොමැති බැවින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන  යෑමට විශාල අභියෝගයක් එල්ලවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනිම තත්වයක් ලැප්ටොප් පරිගණක හා ඒවායේ උපාංග සම්බන්ධයෙන්ද නිර්මාණයවී ඇති හෙයින් දුෂ්කර ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් මේ ප්‍රශ්නයෙන්  මහත් පීඩාවට පත්වී ඇතැයි පෙන්වා දුන් ගාමිණී වලේබොඩ මහතා   එම ප්‍රශ්න විසඳීම වෙනුවට විශාල අමාත්‍ය මණ්ඩලයක් පත්කර රටට දරාගත නොහැකි  මුදලක් ඔවුන්ගේ  නඩත්තුවට වැය කරමින් කරන විජ්ජාව  ලැජ්ජාවට කරුණක් බවද ප්‍රකාශ කළේය.

රටේ සාධාරණ ප්‍රශ්න විසඳීම වෙනුවට ජම්බෝ කැබිනෙට්ටු හදමින් රජය රටට හා ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වලේබොඩ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද   පෙරේදා(8) කරුණු අනාවරණය කළේය.



අදහස් (8)

කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී

ganegoda Friday, 09 September 2022 01:14 PM

ජනාධිපති උදේ ඉඳන් රෑ වෙනකන් තාක්ෂණය ගැන ජප කරනකොට ඔහොම වෙනවා.

:       5       7

pakeer Friday, 09 September 2022 01:57 PM

ඇයි බැරි කැල්කියුලේටර් මෙහෙ නිශ්පාදනය කරන්න? මෙක අවස්තාවක් කරන් මෙ වගෙ නිපයුම් කරන්න උත්සහ කරන්න. අන්න එකයි වෙන්න ඔනෙ.

:       2       8

ganegoda Friday, 09 September 2022 02:24 PM

එවැනි දේවල් කරන්න, රටක අභිවෘද්ධිය ගැන හිතන්න, කල්පනා කරන්න පුළුවන් උදවිය රට පාලනය කළ යුතුයි...! හොරුන්ගෙන් පාලනය වෙන රටක එවැනි දියුණුවක්, අභීවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ...!

:       1       7

චාන්දනී Friday, 09 September 2022 06:44 PM

විලබොඩ කියන්නේ වියතෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගත්තු අයෙක්... ඒ වුණත් ලංකාවේ ගණක යන්ත්‍ර හැදීම ගැන ඔහුට අදහසක් නැහැ වගේ...

:       0       1

BamunuarachchiSaturday, 10 September 2022 11:12 AM

ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්නා කෙනෙක්ද ඔය කතා කොරන්නේ? කැල්කියුලේටර් හදන්න කලින් ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් අනෙකුත් ප්‍රොසෙසින් යුනිට්ස් ලංකාවේ හැදුවොත් හොඳයි. අපට තාම රෙසිස්ටරයක් හදා ගන්න බැහැ. කොලිටි සෝඩා බෝතලයක් හද ගන්න බැහැ.

:       0       1

ravin Friday, 09 September 2022 02:49 PM

ළමයි හොඳින් ඉගෙනගෙන හිතන්න පුරුදු වුණොත්, දැනට ඉන්න දේශපාලකයින්ට යන කල...!

:       2       5

සඳුන් Friday, 09 September 2022 03:28 PM

නිවස පුස්තකාලයක් වුවත් නින්දේදීත් ටයි - කොට් ඇන්දත් හිස් දේශපාලඥයා අධ්‍යාපනයේ අගය නොදනී. එය කළමනාකරණය ආයෝජනයක් ලෙස නොදකියි...

:       4       4

Bamunuarachchi Saturday, 10 September 2022 07:12 AM

මොකක්ද ඒ බහුබූත කතාව? අපි ඉගෙන ගත්තේ කැල්කියුලේටර් ළඟ තියාගෙන නොවෙයි. ඒ කාලේ රාජකාරියේදී පවා පාවිච්චිකේ අංක 10 ලඝු ඝනක පොතක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site