IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවිය දූෂණය කළැයි පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ පාදුක්ක නිහාල් වෙත්තසිංහ)

පාදුක්ක  ප්‍රදේශයේ  දාහතර හැවිරිදි  පාසල් දැරියක්  සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි .

මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග  නිවසේ ජීවත්ව ඇති අතර  පෙම්වතා බව පැවසෙන පුද්ගලයාගේ ආරාධනයෙන් ඉකුත් 3 දා පාදුක්ක  වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති ඇති බව පොලිසිය කියයි ඉන්  මද වේලාවක් පසුව එම ස්ථානයට පෙම්වතාගේ මිතුරන් සිව් දෙනෙකු ද පැමිණ ඇති බවත්  එම අවස්ථාවේදී පෙම්වතා ඇතුළු  තරුණයන් පස් දෙනකු විසින් මෙම දැරිය අවස්ථා කිහිපයකදී සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය .

මේ බව දැරිය සිය මව සමඟ පොලීසියට පැමිණ කල පාපොච්චාරණය කින් අනතුරුව පාදුක්ක  පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනයකදී දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධියට සම්බන්ධ පාදුක්ක ප්‍රෙද්ශයේ පදිංචි  ඔහුගේ මිතුරන් සිව් දෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

රැකියාවකට යන නිසා  මව නිරන්තරයෙන්  නිවසේ නොමැති නිසා දැරිය ඥාති නිවසක සිට ඇති අතර සිද්ධිය වූ දින එම නිවසටද නොපැමිණි ඇයගේ පෙම්වතා සමග මෙසේ වවුල්කැලේ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම දූෂණයට ලක්ව ඇති බව පැවසේ .

මෙම දැරිය මීට පෙර යුද  හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයකු සමඟ ද අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවටත්  ඉන් පසුව මෙම පුද්ගලයා සමගද ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී  එම දැරිය තරුණයින් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කොට අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි .



අදහස් (2)

සිසුවිය දූෂණය කළැයි පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට

" යූ-ටියුබ්' පෙම්වතුන්.." Thursday, 08 September 2022 10:25 PM

මම සහ මගේ යාලුවෙක් නුවරඑළියෙ ගියා එයාගෙ අත්තම්මා බලන්න...! සැණකෙළිය කාලයට ගෙදර තියෙන කාමර දෙක කුලියට දෙනවා සංචාරකයින්ගේ ඉල්ලුම නිසා. මට හිතාගන්නත් බැහැ ඒ කාමරවලට එන අය දැක්කහම... 'යූ-ටියුබ්' පෙම්වතුන්...! එන කෙල්ලන්ගේ මූන දැක්කහම පේනවා ටියුෂන් යන තරුණ කෙල්ලෝ කියලා ...! දවසම ඉන්නවා කියලයි හැඳුනුම්පත් දීලා මුදල ගෙවන්නේ නමුත් පැය කිහිපයක් ඉඳලා පාක් එකට යනවා කියලා කාමරයේ යතුර බාරදීලා යනවා ආපු වාහනය අරගෙන ..! වාහනයෙන් පැය තුනක දුරකට ඇවිල්ලා සමහර අය හැසිරෙන හැටි හරිම අශීලාචාරයි..! ගම්පොල ටියුෂන් කෙල්ලෝ කියන්නේ පුදුම රංඟනයක් දක්වන අය! හැබැයි මෙතනදිත් ඔය ගෑණු ලමයා නටපු නැටිල්ල ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවනි කියලයි මට හිතෙන්නේ ! මොකද දඩයමක් කරගන්නද කැලේට රිංගුවේ අම්මා මල්ලි ගෙදර ඉඳිද්දිම!

:       0       2

Marsipala Friday, 09 September 2022 11:58 AM

ශරියා නීතිය ක්‍රියාත්මක කරලා මෙයට සම්බන්ධ සියලුම දෙනා ප්‍රසිද්ධියේ එල්ලා මරන්න. තව වෙන්න තියෙන අපරාධ සියදහස් ගණන් අඩුකරගත හැකි ආදරය, කරුණාව, මෛත්‍රිය පිරිහෙමින් පවතියි. තෙරුවන් සරණයි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site