
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනය අසන්න ලැබීමෙන් තමා මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් පවසා ඇත.
මේ වනවිටත් රැජිනගේ දරුවන් සියලු දෙනා ඇය රැඳී සිටින ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයට පැමිණ හෝ පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ එබැවිනි.
(බීබිසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියත් අපේ රනිල් මහත්තය ව් තමයි. පන යනකල් ඊලග කෙනාට බලය පවරන්නෙ නැහැ. එතුමියට ඉක්මන් සුවය ලැබේවා.