
රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. 96 හැවිරිදි එලිසබත් රැජිනගේ අභාවය ලොව කම්පා කළේය. ඇගේ අභාවය නිල වශයෙන් නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. වයස අවුරුදු 26 දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළාය. ඇය ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූයේ ඒ නිසාය.
මහ රැජින වුවත් නිහතමානී තැනැත්තියක වූවාය. දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් ඇරැඹුණු 1952 වසරේදීය. පසුගිය සමයේ මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. පළමු දෙවැනි පමණක් නොව තෙවැනි සහ සිවුවැනි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන සිටියදී ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූවාය. ඒත් ඇයේ රෝගී තත්ත්වය බරපතල නොවිණි. වෛද්‍යවරු ඇය ගැන පැය 24 පුරා ඇස ගසාගෙන සිටියහ. කෙසේ නමුත් අයහපත් සෞඛ්‍ය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැර වූවාය. ඇය පසුගිය කාලය පුරාවට මෙන්ම අවසන් සුසුම් හෙලද්දී පවා පදිංචිව සිටියේ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේය. මෙය මහ රැජිනගේ නිවාඩු නිකේතනයකි.

‘මහ රැජිනට හොඳ නැහැ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බයයි. මේ වනවිටත් ඇගේ දරු දැරියන් සහ මුණුපුරු මිණිපිරියන් බැල්මොරාල් මන්දිරය වෙත පැමිණ සිටිනවා. නැතිනම් පැමිණෙමින් සිටිනවා’ යැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේ 8 වැනිදා සවසය. මහ රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළට උරැමකම් කියන්නේ පුතු චාල්ස් කුමරුන්ය. චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ දරනු ඇත. අවසන් මොහොතේ චාල්ස් කුමරු මවු රැජින අසල සිටි බව ද පැවැසෙයි.
1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබේ. ඇය කිරැළු පැලැදි වසරේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස ද සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් පක්ෂ නායකත්වය හිමිවුණු ලිස් ට්‍රස් මහ රැජින අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේ පසුගිය 6 වැනිදාය. එම අවස්ථාවේදී ද රැජින සිටියේ අයහපත් සෞඛ්‍යයෙනි. මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු තෙවැනි කාන්තාව ලිස් ට්‍රස් ය.
රැජින අභාවයත් සමග පෙරැළි රැසක් සිදුවෙයි. ඒ සඳහා සියල්ල කල් තියා සූදානමින් පැවැතිණි. මෙම ක්‍රියාදාමය ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ නම් වෙයි. ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය සකසා ඇත්තේ රැජින ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වූ විට ක්‍රියාවට නැංවීමටය. කෙසේ නමුත් රැජින අවසන් ගමන් ගියේ ලන්ඩනයේ දී නොව, ස්කොට්ලන්තයේ ඇගේ වතුයායේය. ඒ අනුව ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’, ‘ඔපරේෂන් යුනිකෝන්’ ලෙස වෙනස් වන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ක්‍රියාවලිය ඉතා සිත් ගන කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියාදාමයකි.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයත් සමග පළමුවෙන් සිදුවූයේ බකිංහැම් මාලිඟයේ තිබෙන රැජින විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරනු ලැබූ රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීමය. රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතර ව, රැජිනයගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිඟය, ශාන්ත ජේම්ස් මාලිඟය අවට ආරක්ෂාව සඳහා යෙදවෙන අතර, රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන (ටවර් ඔෆ් ලන්ඩන්) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබේ.

මෙය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි. රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබෙනු ඇත. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 ක් පමණය.
රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වෙයි. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජ කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වෙයි. මෙතෙක් කාලයක්, බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න වෙනස් වනු ඇත්තේ ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇත. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීමක් ඉදිරියේ දී සිදුවෙයි.
රැජිනගේ අභාවය හේතුවෙන්, විනෝදාස්වාදනය උදෙසා පැවැත්වෙන සියල්ල අවලංගු කෙරේ. සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර, බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට ගැන්වෙයි. විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී.බී.සී නාලිකාවේ විකාශය නො වන අතර, ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙනු ඇත.

බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරේ. සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කරනු ඇත. සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වෙද්දී, මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමරු පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය වේල්සයේ කුමරිය බවට පත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම එංගලන්තයේ මුදල් නෝට්ටු මාරු කරන්නට සිදුවේ..!
අප ඔවුන්ගෙ යටත් විජිතයක්ව ැවතිම පසෙක තබා පුද්ගලයෙකු වශයෙන් සලකන කල එලිසබෙත් රැජින මම ඉතම ගරු කරන ාන්තවක්. ඇය රජ වු් අහම්බයකින් වුවත් ඇය තම ජිවිතයම රැජිනකගෙ රමුව තුල තාගෙන ඉතමත් ගෞරවනිය ලෙස ජිවත් වුා. සියලු රජකිය නිති රිති සමග ජිවත් විම කෙතරම් අපහසු වෙන්නට අතිදැයි නිකමට සිතන්න. නමුත් ඇය එ සියල්ල උපේක්ශා සහගතව විදගෙන කිරුලෙ ගරුත්වය අ ාරක්ශ කලා. ඇය ඇත්තෙන්ම ආදර්ශයට ගත යුතු චරිතයක්. ඇයට සග සුව පතනව. ඇය වැනි පුද්ගලයෙකු මෙලොව ැවතත් හමුවෙද කිා සිතෙනව.
අපෙත් ලෝකයෙත් ජතික වීරයො ඇතුලු මිනිස් සංහාරයක් ඝාතනය කරපු පවුලක්
රජවීමෙන් පසු නියම චිත්‍රපටයක් බලාගත හකිවෙවි.
ලංකාවේ නම් රජ පවුලක් කියලා හිතාගෙන ඉන්න අය ඉස්සෙල්ලාම කරන්නේ ඔය බිලියන ගාණක් වටිනා කිරුළ සහ අනෙකුත් රාජකීය මිලක් නිමකළ නොහැකි භාණ්ඩ ටික හොරකම් කරගන්න එකයි...!
දශක 7ක ගෞරවනීය සේවයකින්පසු දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයට පත්විය. 1939 ඇරඹි දෙවන ලෝක යුද්දය සිට ලෝකයේ සිදුවූ, මිනිසා සඳමත පා තැබීම, දේශපාලන, ආර්ථික, සමාජමය සහ තාක්ෂණික පරිවර්තනයන් සියසින් දැකගැනීමට ඇයට වරම් ලැබිණි. වැඩිහිටියන්ගේ පමණක් නොව විශේෂයෙන්ම තරුණ පරපුරේ ආකර්ශනීය චරිතයක් බවට 96 හැවිරිදි එලිසබත් රැජින පත්ව සිටියේය.
වයස අවුරුදු 26දී මහා බ්‍රිතාන්‍යයේ එසේත් නැතිනම් එක්සත් රාජධානියේ කිරුළ දැරූ ඇය, වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ ලොව පුරා ආදරයටත්, ගෞරවයටත් පාත්‍රවූ ඇය ජීවිතයේ යථාර්තයවූ අනියත බව සියලු ජීවමාන ලෝකයට පොදු බව සනාථ කරමින්, කිරුළ දැරූ ඇය බලය, ධනය, තනතුර සියල්ල අතහැර නික්ම ගොස් තිබේ.
කවුරු මොනවා කිව්වත් එයා ආදර්ශමත් කාන්තාවක්...