
(රෝහණ සමරවීර)
හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොඩ ගන්නා බව ද දෙල්වල පොලිසිය කියයි.
වර්ණකලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නැමැති දැරියක එසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
එම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි
තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝෘතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පොලිසිය සඳහන් කරයි.
ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති ප‍්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයාට ස්ත‍්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඞ් ගැසීම්, සොරකම්, නීති ව්රෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බව පොලිසිය පවසයි.
මේ වනව්ටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු ව්භාග වෙමින් පවතින බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ඔනෙ උන් එලියෙ එනකොට මෙවනි අපරාාදවීම පුදුමයක් නොවෙ.
පපුවත් නතර වුණා මේ අපරාධ ඇහුවාම. දෙයියනේ අපි ජීවත් වෙන්නේ මොනවගේ අපරාධකාරයෝ ඉන්න සමාජයකද?
මේ වරදකරුවන්ට දෙන දඬුවම ' නෝට්ටුවලින් ' ගෙවන්න දුන්නහම කරපු අයගේ ඇඟට දැනෙන්නේ නැත...! හොඳම දෙය මේ වගේ අයට දෙන දඬුවම " කසපහරින් " ඇඟට රිදෙන්නම දැනෙන්නම දෙන්න..!! එවිට ඒ දරුවා වේදනාවෙන් විඳවපු විදිය කරපු මේ තිරිසන් කරුමයන්ගේ කකියන ඇඟටම තත්පරයක් පාසා දැනේවි..!
මෙවැනි වරදකරුවන් අනිවාර්යෙන්ම එල්ලා මැරිය යුතුයි. මතුගම සමන් කුමාර මරපු මිනිහට මරණ දඬුවම දුන්න නම් පසුගිය අවුරුදු 40 තුල සිදුවුණු මෙවැනි බිහිසුණු මරණවලින් බොහා් හරියක් සිදු නොවනු ඇත.
කුඩු, කසිප්පු, ගංජා කාරයෝත් එක්ක ටකරමක් ඔලුවට අල්ලගෙන ළමයි හදපුවාම ඒ දරුවන්ට මේවගේ ඉරණමකට මුහුණපාන්න සිද්ද වෙනවා.
අපරාධ කරුවනුත් මේ විදියටම මරා ගල් පිරවූ කවරයකට දමා පතලකට නැත්නම් වලකට දමා ඝාතනය කරන්න ඕන රජ්ජුරුවෝ කිව්වනේ මෙරණ දඩුවමට අත්සන් කරන්නෙ නැහැ කියලා ඉතින් මිනිස්සු බය නැහැ
හදවත් කම්පා කරන අපරාදයක්. හය හතර නොතේරෙන දරුවෙකු මේ විදියට මරා දමන්නේ මොන හිතකින්ද?
මේ අපරාධකරුවන් අල්ලා දැඩි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.අහිංසක දියණියට මේ කළ දේ අහස පොළව නුහුලන අපරාධයක්.
බලන්න ! අර තරම් අපරාධ කාරයෙක් සමාජය ඇතුළට දාලා අවුරුදු ගණන් නඩු අහ අහා ඉන්නවා. උසාවි ඇතුලෙ තර්ක කර කර කාලෙ ගත කරනකොට සමාජයට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි .මේවා වෙනස් වෙලා අපරාධ කාරයින් ට වහ වහා දඬුවම් දිය යුතුයි . ඒවා ප්‍රසිදධ කළ යුතුයි . නැති මිනිසුන් නිවැරදි කරන්න බෑ. මේ අපරාධ කියවලා හොඳ මිනිසුන් ලෙඩ වෙනවා
4 දෙනාටම මරණ දඬුවම දිය යුතුයි.