(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අර්බුද විසඳෙන තුරු වෙිතන නොමැතිව සේවය  කිරීමට රාජ්‍ය ඇමතිවරුන් තීරණය කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය  ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

රටෙි පවතින අර්බුද හමුවේ යම් කැපකිරීමක් කිරීමේ හැකියාව සැමටම තිබිය යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා කීය.

ඇමතිකම් ලබා ගැනීමේ තීරණය ගත්තේ රට වෙනුවෙන් යැයිද එනමුත් පක්ෂය ඒක වරද්දා ගත් අතර සමහර අයට "අප ඉවත් කරන්නට ඕන වුණා" යැයි  ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂය ගොඩනැගීමේ කටයුතු වල දී  තුන්වරක් තමා මැරෙන්නට ගිය බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඡන්දය ඉල්ලුවේ පොහොට්ටුවෙන් බවත්  පොදු ජන පෙරමුණට වාසි වෙලාවේ ඡන්දය ඉල්ලා අවාසි වෙලාවේ පැන දුවන එක නොකළ යුතු බවට තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.