(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාව බදු බරින් තෙරපෙන විට ආණ්ඩුව ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඇමතිවරුන් ,රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට යැයි සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඉන්ධන මිල සියයට 400% කින් වැඩිවී විදුලි බිල,ජල බිල වැඩි වී ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත්කර තිබෙන බවද ආදායම සහ වියදම අතර පරතරය පියවන්න නම් බදු බර තවත් වැඩි කරන්න වෙන බවද මන්ත්‍රීවරයා කීය.
අලුතින් පත් කළ රාජ්‍ය ඇමතිවරුන්ටත් ප්‍රතිලාභ පහසුකම් සියල්ලම ලබා දෙන්න වෙන බවද රටක් ලෙස ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා නම් රාජ්‍ය ඇමැතිවරුන්ට ප්‍රතිලාභ ලබා දෙමින් කටයුතු කරන්නේ ඇයි දැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
මේ වෙලාවේ රටට රාජ්‍ය ඇමතිවරුන් අවශ්‍ය නැතැයි ද සමහරු පක්ෂයේ තීන්දු තීරණ නොතකා ඇමතිකම් ලබා ගන්නා බවද කී රාජකරුණා මහතා පක්ෂයක් ලෙස සහාය දෙන්න පුළුවන් නමුත් කිසිම සීමාවක් නැතිව රටට අහිතකර දේවල් රාජ්‍ය නායකයන් විසින් සිදුකරන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් ප්‍රකාශ උනේ ඇමති , රාජ්‍ය ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුප හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් නොමැති බවයි.
ජාන බලවේගයේ හැමෝටම මේ දින මල-බද්ධය හැදිලා වගේ කතා කරන ඒවා දිරවන්නේ නැති නිසා..!
මේ අයට "ගරු" යනුවෙන් නමට මුලින් දැම්මත් මුන්ගෙන් කී දෙනෙක් වැටුප් වරප්‍රසාද නැතුව ජනතාවට "ගරු" සෙවයක් කරන්න ලෑස්තිද?
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කතා කරන්නේ... වැඩිකරගන්න හදන රක්ෂණ ගාස්තු ගැන කතාකරන්නකෝ... අපි මොකටද ඔබලාගේ රක්ෂණ ගාස්තු ගෙවන්නේ? අපිට ඇති අහවල් ප්‍රයෝජනයකටද? හිටියත් එකයි මකබෑවුනත් එකයි.