
බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ මහ රැජින මීට සුළු වෙලාවකට පෙර මෙලොව හැර ගියාය.
අභාවප්‍රාප්ත වන විට 96 වියේ පසු වූ මහ රැජින වසර 70 ක කාලයක් කිරුළ දැරුවාය.
රැජින අවසන් හුස්ම හෙළද්දී දරුවන්,මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඇය සමඟ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
මහ රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය.
ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ද එබැවිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රී ලංකාවෙ බෞද්ධයන් වෙනුවෙන් ඔබතුමියට නිවන් සුව ලැබේවා කියා පතනව. අනෙක් සියලුම ආගම් වලට අනුව ඔබතුමිය සමාදානයේ සැතපේවා කියලා පතනව.
මාළිගාවක රැජිණක්සේ ජීවත් වුවද මනුලොව දමා ගියේ හිස් අතිනි...!!
සමාදානයේ සැතපේවා...!
බුදුදහමේ පරම සත්‍යය සියලු දේ නැසෙන සුළුයි...
රෝයල් සිස්ටම් එකේ අවසානය විය හැකිද?
නිවන් සුවය ලැබේවා...!
ඔබට සුව නින්දක්.. ඇය ජීවිතයේ කරන ලද ඉතා අනුවන ක්‍රියාවක් නම් 1948 අප රටට නිදහස දීමයි. ඒකෙන් ප්‍රයෝජන ගත් අපේ කලු සුද්දෝ 2022 වන විට රට මුලුමනින්ම බංකොලොත් කර ඇත.දැන් අපිට හරි සැප.
උසස් ගතිගුණ වලින් යුක්ත රාජ්‍ය නායිකාවක්.
ඔබතුමිය සමාදානයේ සැතපේවා.
සමාදානයේ සැතපේවා...!
ඔබට සුබ ගමන්...!
ලෝකයෙන්ම බලවත්
ඔබතුමියට තිබූයේ අලංකාරවත් දිවියකි... සාමාදානයේ සැතපේවා මහරැජිණියනි...
බලාගෙන ගියාම ලංකාවේ ගෝත්‍රිකයින් එංගලන්තයේ රැජින සමගත් පුදුම වෛරයක්නේ තියෙන්නේ. තමන්ගේ ජාතිය ලොව ගෞරාන්විත ජාතියක් බවට පත් කල රජ පවුලට බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොවේ මුළු මහත් ලෝකයම ගරු කරනවා. එදා බ්‍රිතාන්‍යයින් අපට ලබා දුන් අධ්‍යාපනය නොවන්නට මේ උඩුබුරන බොහෝ අය තවමත් ගෝත්‍රික වැද්දන්. සුළුවෙන් හෝ යම් අධ්‍යාපනයක් ලබා ගත්තත් ගෝත්‍රික ගතිය අරින්න බැහැනේ. ඒකනේ ඉතින් හොර තක්කඩියන්ට රජවරු කියලා හිතාගෙන වඳින්නෙ. ලෝකෙන්ම හිඟන ජාතිය මහ රැජිනටත් වඩා ඉහලයි හිතාගෙන ඉන්නේ. එක අතකට මේ කොහෙවත් ඉන්න අමනයින්ගේ ආදර ගෞරවය මොකටද, ලෝකයක් ගරුකරන රැජිනට? එතුමිය සමාදානයේ සැතපේවා!!
බෞද්ධයෙකු හැටියට ඔබට නිවන්සුව පතනවා.
වරණ භේදය නිසා මේ වසරේ මේ වනකොට කුඩා දරුවන් 28ක් පිහියෙන් ඇනලාම මැරුවා. අපෙත්, ලෝකයෙත් ජාතික වීරයෝ ඇතුළු ජන සංහාරයක් කරපු, කරන ලෝකයට ම්ලේච්ඡත්වය ආරම්භ කරපු ම්ලේච්ඡයෝ...