(නිමල කොඩිතුවක්කු)
අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය.
රට විශාල ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක අති විශාල ඇමති මණ්ඩල පත් කරමින් ජනතා මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් එහිදී දැඩි විවේචනයට ලක් වූ බව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලංකාදීපයට පැවැසීය.
අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක,ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙසත්,සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත් කිරීම කිසිලෙසකින්වත් සිදුනොවිය යුත්තක් බව සමගි ජන බලවේගය තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව එහිදී මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සඳහන් කරනු ලැබීය.
මෙම නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.
ඒ අනුව, මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය අද (08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධය
රැට්ටු වෙනුවෙන් Thursday, 08 September 2022 09:49 PM
පෙළපාලි කරන අරගල කාරයින්ට නීතීඥවරු නොමිලේ ලබා දීලා රට වෙනුවෙන් නොව රැට්ටු වෙනුවෙන් නටපු පුතාණෝ ගැන කුමන කතාද..??
විපරමා Friday, 09 September 2022 04:18 PM
පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් පින් ජනපතියාට ඡන්දෙ දීලා පත් කෙරුවට සළකලා තියෙනවා...
Bamunuarachchi Saturday, 10 September 2022 07:22 AM
ඒ විරෝධයට අපිත් එකතු වෙනවා.