(අංජුල මහික වීරරත්න)
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විවිධ රාජ්‍ය ආයතන විසින් රජයේ සේවාවන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පොදු ආකෘති 98ක් දැනට භාවිත කරන බව නීරීක්ෂණය කර තිබේ.
ඉන් ඇතැම් ඒවා යල් පැන ගොස් ඇති අතර වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම මෙහි අපේක්ෂාව වී තිබේ.
ඒ අනුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රයෝජනය සඳහා දැනට මුද්‍රණය කරනු ලබන සියලුම ආකෘති පත්‍ර සමාලෝචනය මෙම කමිටුව මගින් සිදු කෙරේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එච්.එස්. පුල්ලේපෙරුම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) යූ.අයි.ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත පියවරක්.
කාලෝචිත පියවරක්. සෑම දෙයක්ම ඉතා සරල විය යුතුය.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රයෝජනය සඳහා දැනට මුද්‍රණය කරනු ලබන සියලුම ආකෘති පත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු සියල්ල online මගින් ලබාගැනීමට අවකාශ සලසන්න. hardcopies ප්‍රමාණය 1% කරන්න.
අද ලෝකයේ තියෙන තැන දිහා බැලුවාම ඔය කරන්න යන දේ හොඳටම යල්පැනපු දෙයක්. සමන් ඒකනායක ඇතුළු ඔය රජයේ ඉහළ කමිටුව වයසට ගිය පප්ප ලගින් සමන්විතයි කිසිම නව උත්පාදන අදහසක් තියෙන්නෙ නෑ. අද ලෝකයේ තියෙන්නේ ඩිජිටල් අයදුම්පත් එම අයදුම්පත් ඩිජිටල් අත්සන තබා මාර්ගගත ක්‍රමයට අදාල ආයතන වලට යොමු කරන ක්‍රමයක් තියෙන්නේ. ඒ ක්‍රමය ලංකාවටත් හඳුන්වා දෙනවා නම් හොඳයි. යමෙක් තර්ක කරන්න පුළුවන් ක්‍රමය වයස්ගත පුද්ගලයන්ට සහ පරිගණක නැති අයට පාවිච්චි කරන්න බැරි වේවි කියලා. එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ අද තියෙන බොහොමත් ජංගම දුරකතනයකින් යමෙකුගේ උදව්වකි කරගන්න පුළුවන්.
කොළ පුරෝනවා කියන එකම හොරකමටයි වන්චාවටයි තමයි ඉතින්
රජයේ ආකෘති පත්‍ර මුදුණය සදහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නොවේ. ආකෘති පත්‍ර online ආකාරයට ලඛා ගෙන එක් ඵක් ආයතන විසින් තමන්ගේ පරිගණක ආධාරයෙන් පිටපත් ( printouts) ලඛා ගත හැකි ආකාරයක් සකස් කිරීම සුදුසු ය. එ තුලින් මුදල් විශාල පුමානය ක් ඉතිරි කර ගත හැකිය.
ෆෝරම කොළ මුද්‍රණයට වෙනම ආයතනයක් නෙවෙයි... රජයේ මුද්‍රණාලයේ එක් වැඩක් විතරයි ඒක... අනෙක මෙතන මේ කරන්නේ ආකෘතිය වෙනස් කරන්න හදන එක. ඊට පස්සේ තමයි ඒවා කඩදාසිද, මෘදු පිටපත්ද කියලා බලන්න වෙන්නේ... අනෙක මුද්‍රණාලයෙන් එකපාර මුද්‍රණය කරන්න යන වියදමයි, එක්එක් ආයතනයේ එක්එක් පුද්ගලයා වෙනමම මුද්‍රණය කරන වියදමයි දෙකක්...!