(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(8) පස්වරුවේ සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.
සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය,, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සහ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටීම විශේෂ සිද්ධියක් විය.
නිෂ්පාදනය බෙදාහැරීම සහ අලෙවිය මත බදු අය කිරීමට අදාළ විධිවිධාන මෙම බදු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද උදේ 11.00 සිට සවස 5 දක්වා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
පනත් කෙටුම්පතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් හා විමල් පිල් වලට ඇත්තේ ඡන්ද දහයක් පමණද? මේ අවස්ථාවේ විපක්ෂයේ 103 ක් සිටින බව ප්‍රකාශ වේ. එසේ නම් මේ පනත පරාජය කල හැකිව තිබිණ. එයින් පෙනී යන්නේ රජයත්, විපක්ෂයත් ජනතාවට කොකා පෙන්වන බව නොවේ ද?
ඡන්ද විමසීමක් කරන වෙලාවේ වත් පාර්ලිමේන්තුවේ ඉන්න බැරි උන්ට මොකට චන්දෙ දෙනවද?
123 දෙනෙක් පර්ලිමෙන්තුවෙ ඉඩල නැහැ.. එ කියන්නෙ සජබ සහ ඩලස්ගෙ කට්ටිය වෙන්න ඔන.. ජනතාව වෙනුවෙන් ගන්න වගකීමේ තරම නේද මේ නැවත නැවත පෙන්වන්නෙ? මෙ බඩු ගෙවන්නෙ අපි නේද? එකෙන් රජයෙ ආදායම වැඩි කරගෙන උන්ගෙ සියලු සැප පවත්වාගෙන යන එක මෙ රටෙ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නෙම නැද්ද?
මෙම බදුපනත රජයේ ආදායම වැඩි කර ගැනීමට සාමාන්‍ය මහජනතාව වෙත වැඩි බදුබර පැට වෙයි නම් මේවා සම්මත කර ගැනීමට අදව්කල සියළු දෙනා ජනතාව ප්‍රතික්ෂේප කරාවි. රට පාලන කල අයගේ දුරුවල කම් හා අසීමිත දූෂණයත් සහ විවිධ දේශපාලන වරදාන වරප්‍රසාද හේතුවෙන් රටේ ආදායම් වලට සාපේක්ෂ වියදම අසීමාන්තිකව වැඩිවීමට කිසි සේත් ජනතාව වගකිව යුතු නැති බැවිනි. මෙම පනතේ බලපෑමෙන් ජනතාව වෙත වන පීඩනයට ඔවුන් නිසි පිළිතුරු ලබා දේවි. තවදුරටත් ජනතාව නොඉවසාවි.