IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුද්ගලයෙක් ඝාතනය කර සැඟව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

පිටිගල නියාගම   ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර  අලුත්ගම ලැගුම්හලක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු  ගිනිඅවියත් සමඟ අත්අඩංගුවට ගත් බව  අලූත්ගම පොලිසිය පවසයි.

පිටිගල පොලිස් වසමේ නියාගම ප්‍රදේශයේ දී පසුගිය තුන් වන දින මනුෂ්‍ය ඝාතනයක් කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි  එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  අද ( 9 ) පස්වරුවේ  අලුත්ගම වැලිපැන්න පාරේ  ලැගුන්හලක සැඟව සිටියදී ඝාතනය සිදු කළ ගිනි අවිය සමග අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කියයි

ඉකුත් තුන්වන දින නියාගම ප්‍රදේශයේ යතුරු පැදියෙන් ගමන්  කරමින් සිටී  යුදහමුදාවෙ සේවය නියුතුව සිටි  බව කියන යුධ සෙබලෙක් වන පොලියට මුදල් ගනුදෙනු සිදු කරන පුද්ගලයෙක්   ඝාතනයට ලක්ව තිබෙන බව පොලීසිය කියයි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන්  දෙදෙනා අලුත්ගම නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකට  ඉකුත් හත් වන දින පැමිණ ලැගුම්ගෙන සැඟව සිටියදී අලුත්ගම පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද  තොරතුරක් මත ඝාතනයට සම්බන්ධ 28 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 36 හැවිරිදි  තවත් අයෙකු  මෙම වෙඩි තැබීම සිදුකළ බව කියන විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 කානු දෙකේ ගිනි අවිය ද සමග අද පස්වරුවේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ  ජංගම දුරකථන පහක් සහ රුපියල් 12,500 මුදලක්  ඇතුළු නඩු භාණ්ඩ  පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා   පිටිගල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් දෙදෙනාගේ එක්  අයෙකු යුධ හමුදාවේ හිටපු සෙබළෙක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදර ගම ,  අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුශවිතාන, පොලිස් සැරයන්  ප්‍රේමසිරි (58560) පොලිස් කොස්තාපල්වරුන් වන  සමීර (73819)  චාමර (91171)රුද්‍රිගෝ (101905) යනමහත්වරු ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්  සැකකරුවන් සමග  වෙඩි තැබීම සිදු කළ ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.



අදහස් (0)

පුද්ගලයෙක් ඝාතනය කර සැඟව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site