
(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08) නියෝග කළේය.
අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ 8 අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.
ඕනෑම කොන්දේසියක් මත තම සේවා දායිකාව ට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකාරිය එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
378
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දමිතා අබේරත්න 14 තෙක් රිමාන්ඩ්
RANDIL Thursday, 08 September 2022 03:18 PM
කාන්තාවක් හැටියට ඔබේ නිර්භීතකම ගැන සතුටුයි. ඔවුන්ට සොබාදහමින් හෝ දඬුවම් ලැබේවි..
Lal Thursday, 08 September 2022 03:31 PM
ඇයව අත්අඩංගුවට ගන්න.!
podi hamine Thursday, 08 September 2022 03:34 PM
නැවත කාලය එළඹී ඇත. සියල්ලන්ටම ඇස් ඇරේවා..
ruwan Thursday, 08 September 2022 04:05 PM
මෙයත් ළඟදිම එන්න වගේ කල්පනාව 225 ඇතුළට...
" මාංචු " Thursday, 08 September 2022 04:08 PM
මැය රටට කළ අඳෝනා, අහේනිය හිරේ කූරුවලට ගණන් කළ නොහැක...!
Bamunuarachchi Thursday, 08 September 2022 04:37 PM
ඊට පස්සේ මරණීය දණ්ඩනයටද ? කෝ මාංචු අත්දෙකට පමණක් නොවෙයි කකුල් දෙකටත් දමන්න.
BamunuarachchiSaturday, 10 September 2022 01:20 PM
දමිතා බුරුවා ගහන්න ගියත් කල නොකළයුතු දේවල් තිබෙනවා. ඒ රාමුව ඇතුලේ ඉඳගෙන අරගල කලානම් අසාර්ථක වෙන්නේ නැහැ. රජයේ ආයතනවලට බලහත් කාරයෙන් ඇතුල් වීම තමයි ඔහෙලා කරගත්ත අමාරුවේ වැටෙන වැඩේ. ඒ මදිවට වීරයෝ වෙන්න වීඩියෝ ක්ලිප් වලටත් ඔලුව දැම්ම. කෙඅපු වරදිවද සාක්කි ඇතුව ඔප්පු උනා.
Prase Thursday, 08 September 2022 06:06 PM
රටේ නීතියට ජනතාව ගරුකරන්න ඕනෑ. එහෙම නොවුණොත් අපිට ගෙවල්වල ඉන්න බැරි කාලයක් එන්න පුළුවන්.. ත්‍රස්තවාදීන් රජ කරන්න පුළුවන්..
කිරිපුතා Thursday, 08 September 2022 06:07 PM
යටි අරමුණු ඇතිව අරගලය නමින් රඟපෑමක් කළ මෙවැනි අය වීරයන් සේ සැළකීසටත් ඇතැමුන් කිසිත් නොදන්නා බාලයින් උත්සුක වෙනවා.