
(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08) නියෝග කළේය.
අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ 8 අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.
ඕනෑම කොන්දේසියක් මත තම සේවා දායිකාව ට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකාරිය එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවක් හැටියට ඔබේ නිර්භීතකම ගැන සතුටුයි. ඔවුන්ට සොබාදහමින් හෝ දඬුවම් ලැබේවි..
ඇයව අත්අඩංගුවට ගන්න.!
නැවත කාලය එළඹී ඇත. සියල්ලන්ටම ඇස් ඇරේවා..
මෙයත් ළඟදිම එන්න වගේ කල්පනාව 225 ඇතුළට...
මැය රටට කළ අඳෝනා, අහේනිය හිරේ කූරුවලට ගණන් කළ නොහැක...!
ඊට පස්සේ මරණීය දණ්ඩනයටද ? කෝ මාංචු අත්දෙකට පමණක් නොවෙයි කකුල් දෙකටත් දමන්න.
රටේ නීතියට ජනතාව ගරුකරන්න ඕනෑ. එහෙම නොවුණොත් අපිට ගෙවල්වල ඉන්න බැරි කාලයක් එන්න පුළුවන්.. ත්‍රස්තවාදීන් රජ කරන්න පුළුවන්..
යටි අරමුණු ඇතිව අරගලය නමින් රඟපෑමක් කළ මෙවැනි අය වීරයන් සේ සැළකීසටත් ඇතැමුන් කිසිත් නොදන්නා බාලයින් උත්සුක වෙනවා.