(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.
විටමින් ඩී ඌණතාවය හේතුවෙන් පුද්ගලයන්ට විවිධ රෝග හා පීඩා ඇතිවන බව ද වෛද්‍යවරිය කීවාය. සාමාන්‍ය පුද්ගලයන් හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් ඩී ලබාගත හැකි බව ද පැවැසූ විශේෂඥවරිය එය සරල හා ලාභදායිම ක්‍රමය බව ද කීවාය
සාමාන්‍ය පුද්ගලයකු දිනකට පැය භාගයක කාලයක් සතියකට දින තුනක් බැඟින් හිරු එළියට නිරාවණය වීම වැදගත් බව ද මීගොඩ විතාන මහතිමිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්තනේ...! මාස හතරකට වඩා පෙළපාලි අරගල ගිය අය පාරේ ගියේ හිරු එළිය මගින් නොමිලේම ශරීරයට අවශ්‍ය විටමින් 'ඩී' ලබාදෙන එක වළක්වාගෙන තොප්පි දාගෙන කෑගගහනේ..!
නගරබද කාමර අස්සේම ඉන්න අයගෙන් නියැදියක් අරගෙන වගේ. ගම්බද මිනිසුන් නම් ස්වභාවධර්මය එක්කම තමයි ජීවත් වෙන්නේ..
නිකන් තියන විටමින් ඩී ගන්න ලැජ්ජා වෙන්න එපා.