(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවර්මන් තම දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන ධම්ම පදය මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
සුඑල්ලා බ්‍රේවර්මන් 2015 වසරේ කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 සිට 2022 වසර දක්වා බොරිස් ජොන්සන් ගේ රජයේ නීතිපතිවරිය ලෙස කටයුතු කර තිබේ.
42 හැවිරිදි සුඑල්ලා බ්‍රේවර්මන් දෙදරු මවක් වන අතර ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධයෙක් බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය මේ තත්වයට ගේන මිනිස්සු ගොඩක් සතුටු වෙන්න ඕනෑ. ඉන්න ලෝකවල ඉඳන්...!
අපේ අය ධම්ම පදය කටේ තියාගෙන අතේ තියාගන්න යන්නේ වෙන දේවල්.
මේ ප්‍රවෘත්තිය කියවීමේදී පුදුම සතුටක් ඇති උනා. අපේ නායකයො බයිබලයට උනත් අත හියලා දිව්රයි. නායක හාමදුරුවනේ ඔය නුල් බඳින වෙලාවට බෞද්ද දේශපාලුවන්ට කියන්න බරිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන සුඑල්ලා බ්‍රේවර්මන් මැතිනිය අනුගමනය කරන්න කියලා.
අපේ රටෙ බුදුදහම විාස කරන බොරු බවුද්දයනට සහ කහව්ත දාගත් ඩුස්සිල චීවරදාරීනට හොද මැඩම් ඔබට තෙරැවන් සරණයි.
ශ්‍රී ලංකාවෙ අයත් ධම්මපදයට විතරක් නොවේ. ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන තමයි පාර්ලිමේන්තු යන්නේ.
බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දී යහපත් මාර්ගයේ අයගේ දේශපාලන රාජකාරීන් සිදුකිරීමට සූදානම් බව ප්‍රශ්න කිරීම අගයකළ යුතුඅතර ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කුමකට අතතබා දිවුරුම් දීම කළත් සියලු වැරැදි ක්‍රියාවන් සිදුකරයි.
ධනවත් දියුණු රටවල ඇමැතිවරු තෝරනකොට ලංකාවෙන් ආදර්ශයක් ගන්නේ නැති වරද පස්සේ වැටහේවි.. බලන්නකෝ අපේ රටේ අගමැති 79 ජනපති 77 ඇමැතිවරු හරිම කඩිසර අය.. වාසු 80, චමල් 81 ගාමිණී ලොකුගේ... ඇස් නොපෙනෙන, කන් නොඇසෙන නාඩි නොවැටෙන, නූගත් වස්සන් රැලක්, කෝටි දෙකක් යටත් කරගෙන මේ ගොල්ලන් කියන්නේ වයසක කියලා නොවේ පරිණත කියලා...
බුදු සසුන බැබළේවා...තෙරුවන් සරණයි.
අපේ බෞද්ධ නායකයන් මේ අයගෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.
විශිෂ්ඨයි...!
අපේ අය ත්‍රිපිටකටයට වැඳලා, ධාතු කරඬුවත් හිසේ තියාගෙන දළදා වැඳලා පුදලා රුවන්වැලිසෑයේ දිවුරුම් දීලා පාර්ලිමේන්තුවට ඇවිත් කරන දේ කොහොමද?
ලෝකයේ කොතැනක ඡනිත වූවත්... සත්‍යය සොයන්නා... බුදු දෙසුමට නැඹුරුව ලෝකය දකියි..
ඇයට තෙරුවන් සරණයි. ඇයට දයානුකම්පාවෙන්, මනුෂ්‍යත්වයෙන් වැඩකරන්නට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන්න.
අපේ අය "අලිබබා සහ හොරු හතළිහ" පොතට අතතියලා දිවුරනවා. මරු වැඩේ ලංකාවට වුණේ...!