IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවර්මන් තම දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන ධම්ම පදය මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

සුඑල්ලා බ්‍රේවර්මන් 2015 වසරේ කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 සිට 2022 වසර දක්වා බොරිස් ජොන්සන් ගේ රජයේ නීතිපතිවරිය ලෙස කටයුතු කර තිබේ.

42 හැවිරිදි සුඑල්ලා බ්‍රේවර්මන් දෙදරු මවක් වන අතර ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධයෙක් බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පැවසුවේය.



අදහස් (17)

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

siril Thursday, 08 September 2022 04:19 PM

එංගලන්තය මේ තත්වයට ගේන මිනිස්සු ගොඩක් සතුටු වෙන්න ඕනෑ. ඉන්න ලෝකවල ඉඳන්...!

:       0       32

swene Thursday, 08 September 2022 04:23 PM

අපේ අය ධම්ම පදය කටේ තියාගෙන අතේ තියාගන්න යන්නේ වෙන දේවල්.

:       0       18

Bamunuarachchi Thursday, 08 September 2022 04:31 PM

මේ ප්‍රවෘත්තිය කියවීමේදී පුදුම සතුටක් ඇති උනා. අපේ නායකයො බයිබලයට උනත් අත හියලා දිව්රයි. නායක හාමදුරුවනේ ඔය නුල් බඳින වෙලාවට බෞද්ද දේශපාලුවන්ට කියන්න බරිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන සුඑල්ලා බ්‍රේවර්මන් මැතිනිය අනුගමනය කරන්න කියලා.

:       5       18

posimalli Thursday, 08 September 2022 05:13 PM

අපේ රටෙ බුදුදහම විාස කරන බොරු බවුද්දයනට සහ කහව්ත දාගත් ඩුස්සිල චීවරදාරීනට හොද මැඩම් ඔබට තෙරැවන් සරණයි.

:       0       9

E M wiheyekoon Thursday, 08 September 2022 05:19 PM

ශ්‍රී ලංකාවෙ අයත් ධම්මපදයට විතරක් නොවේ. ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන තමයි පාර්ලිමේන්තු යන්නේ.

:       0       13

sisira Thursday, 08 September 2022 05:37 PM

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දී යහපත් මාර්ගයේ අයගේ දේශපාලන රාජකාරීන් සිදුකිරීමට සූදානම් බව ප්‍රශ්න කිරීම අගයකළ යුතුඅතර ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කුමකට අතතබා දිවුරුම් දීම කළත් සියලු වැරැදි ක්‍රියාවන් සිදුකරයි.

:       0       6

ඩී. කන්නන්ගර Thursday, 08 September 2022 05:41 PM

ධනවත් දියුණු රටවල ඇමැතිවරු තෝරනකොට ලංකාවෙන් ආදර්ශයක් ගන්නේ නැති වරද පස්සේ වැටහේවි.. බලන්නකෝ අපේ රටේ අගමැති 79 ජනපති 77 ඇමැතිවරු හරිම කඩිසර අය.. වාසු 80, චමල් 81 ගාමිණී ලොකුගේ... ඇස් නොපෙනෙන, කන් නොඇසෙන නාඩි නොවැටෙන, නූගත් වස්සන් රැලක්, කෝටි දෙකක් යටත් කරගෙන මේ ගොල්ලන් කියන්නේ වයසක කියලා නොවේ පරිණත කියලා...

:       45       5

ඉන්දු Thursday, 08 September 2022 07:46 PM

බුදු සසුන බැබළේවා...තෙරුවන් සරණයි.

:       2       58

arschfikaaThursday, 08 September 2022 10:55 PM

එහෙන්ම් ඉතින් මහා බ්‍රිතන්‍යයත් මෙයා නැත්තටම නැති කෙරුවා. බොරිස් ජොන්සන් කළෙත් මෙයා කෙළෙත් අත්තනෝමතික වැඩ. ඔහොමනේ ලංකාවේ ඉන්න පින් පඩි ඇමතිලත් දිවුරුම් දෙන්නේ. එහෙනම් දැනට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ.

:       30       6

BamunuarachchiSaturday, 10 September 2022 07:42 AM

හම්බයෙකුට රිදිලා බවයි පෙනෙන්නේ

:       0       14

BamunuarachchiSaturday, 10 September 2022 11:01 AM

අර අල්ලගෙ පොතේ අත තිබ්බනම් ඔය ප්‍රශ්න නැහැ නේද?

:       0       11

M.M.N.P.Bandara Thursday, 08 September 2022 09:22 PM

අපේ බෞද්ධ නායකයන් මේ අයගෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.

:       0       20

Anula Friday, 09 September 2022 02:24 AM

විශිෂ්ඨයි...!

:       0       5

මෝ Friday, 09 September 2022 04:42 AM

අපේ අය ත්‍රිපිටකටයට වැඳලා, ධාතු කරඬුවත් හිසේ තියාගෙන දළදා වැඳලා පුදලා රුවන්වැලිසෑයේ දිවුරුම් දීලා පාර්ලිමේන්තුවට ඇවිත් කරන දේ කොහොමද?

:       26       5

s. Ellawala Friday, 09 September 2022 02:30 PM

ලෝකයේ කොතැනක ඡනිත වූවත්... සත්‍යය සොයන්නා... බුදු දෙසුමට නැඹුරුව ලෝකය දකියි..

:       0       17

DGee Friday, 09 September 2022 03:11 PM

ඇයට තෙරුවන් සරණයි. ඇයට දයානුකම්පාවෙන්, මනුෂ්‍යත්වයෙන් වැඩකරන්නට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන්න.

:       0       13

Sarath Friday, 09 September 2022 05:35 PM

අපේ අය "අලිබබා සහ හොරු හතළිහ" පොතට අතතියලා දිවුරනවා. මරු වැඩේ ලංකාවට වුණේ...!

:       15       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site