
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලමේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව කඩා වී මිට දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දඹුල්ල කණ්ඩලම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක ටකරන් තහඩු ගල්වා මෙම වී සොරාගෙන ගොස් තිබෙන බවත් එහි තාවකාලික පත් කොට සිටින මුරකරුවකු වී අලෙවි මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ
එමෙන්ම මෙම වී තොග සොරාගෙන ගිය කණ්ඩායම් පිළිබඳව සහ වාහන පිළිබඳව මේ වන විටත් පොලීසියට සියලු තොරතුරු ලබාදී තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ තාවකාලිකව රඳවා සිටින මුරකරු අප සමග සඳහන් කළේය.
මෙම සොරකම් පසුගිය 29 වැනි දා සිදු වී තිබෙන බවත් මේ වන තුරුත් ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්ක් හෝ කොපමණ වී ප්‍රමාණයක් සොරා ගෙන ඇද්ද යන්න නිශ්චිත වශයෙන් ගණනය කර නැති බව වී මිටි 200 සොරාගෙන ඇති බවට විශ්වාස කරන්නේ යැයි එම මුරකරු අප සමග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලත් දැම්මා නම් ?බඩුත් නැතිනම්විමර්ශනත් නැතිනම්, ෂුවර් එකටම දෙස්පාලුවෙක් පිටිපස්සේ