(තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ නිවසක කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක කළ බව කියන සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද ඉබිබන් හත්දෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

ඉබ්බන් මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පුමානයේ පිහි 4, මස් තැටි එකක්, ඇතුළු නඩු භාණ්ඩ කීපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

විවිධ ප්‍රදේශවල තැරැව්කරුවන් මගින් අල්ලාගෙන එනු ලබන කිරි ඉබ්බන් අඩු මුදලකට ලබා ගෙන මස් කර කිලෝවක් රුපියල් 3000 බැගින් අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.