‘‘විශ්වාසය භංග වුණොත් මොකද කරන්නේ‘‘
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට එකඟවන්නේ ද,එසේ නැතිනම් ආණ්ඩුව බාරගෙන රජයක් පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අදහස දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.