මහ බැංකු හිටපු අධිපතිගේ විදෙස් තහනම දික් කරයි
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණා එමගින් රජයට රුපියල් බිලියන 1040 ක් පාඩුවක් සිදුකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (05) නියෝග කළේය.