(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6) සහ අනිද්දා (7) පැවැත්වේ.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
මේ අතර පාර්ලිමේන්තුව හෙට (6) සිට ලබන 9 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හෙට (6) පෙරවරු 10.30 සිට පෙරවරු 10.45 දක්වා විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත.
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබද වාර්තාව (2022 වර්ෂය සඳහා වන) සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන (8) පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා හෙට (6) අනිද්දා (7) සහ ලබන (8) පෙරවරු 9.30 සිට පෙරවරු 10 30 දක්වා කාලය වෙන් කර ඇත. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වේ.
කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 8 වැනිදා පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතය.
මේ අතර ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් නිට්ටඹුව දී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව එම විවාදය එදින පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ වී දිරනවා කියලා පුවතක් අපි දැක්කා. විකුණගන්න බැරි එළවලු අලින්ට කන්න දානවා... ආර්ථික මධ්‍යස්ථානවල දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. විවාද කරකර ඉන්න වෙලාවේ, වට වන්දනාවේ යන වෙලාවේ මේවා කළමනාකරණය කළානම් දරුවන් බඩගින්නේ ඉන්නේ නැහැ නේද?