IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක්

(ඩයනා උදයංගනී)

ඉදිරියේදීත් තද වැසි ඇති වුවහොත් ඇතැම්ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඇතැම් ප්‍රදේශවලට අද (5) රාත්‍රියේ සහ හෙට (6) දිනයේත් තද වැසි ඇතිවිය හැකි බැවින් අත්තනගලු, කළු, කැළණි, ගිං සහ නිල්වලා යන ගංගා ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ඉදිරියේදී ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ගංගා ද්‍රෝණිවල සහ අතු ගංගාවල අධික ජල ගලනයක් ඇතිවිය හැකි බවත්, අසල පදිංචි ජනතාව අද (5) රාත්‍රියේ සහ ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

එමෙන්ම එම ගංඟා සහ අතු ගංඟාවල ඔරු පැදීම, දියනෑම, ගංඟා හරහා ගමන් කිරීම ආදී කටයුතුවලදී සැලකිලිමත් විය යුතු බවත් සුගීෂ්වර මහතා කීවේය. 



අදහස් (0)

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 411 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site