(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වසංගතය ව්‍යාප්තවන සමයේ පානදුරයේ ජනතාවට සහන සැලසීම සදහා පානදුර ප්‍රාදේශීය සභාව ලබාගත් පොල් තොගයක් සදහා වූ රුපියල් ලක්ෂ හතකට වැඩි මුදල මෙතෙක් නොගෙවීම නිසා දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් විගණන ගැටළුවකට මුහුණ දී ඇති බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.
2020 වසරේ මාර්තු අප්‍රෙල් මාසවලදී පානදුර ප්‍රාදේශිය සභාවේ ඉල්ලීම පරිදි දිවුලපිටිය ප්‍රාදේශිය සභාව පොල් තොගය සපයා ඇතැයිද ඒ සදහා වන රුපියල් 722250.00 ක්වූ මුදල සභාවේ අත්තිකාරම් ලේඛනය මත ගෙවා ඇති අතර වසර දෙක හමාරක් ගතවී ඇතත් පානදුර ප්‍රාදේශිය සභාව මගින් එම මුදල මෙතෙක් ප්‍රතිපුර්ණය කර පියවා නැත.
මේ සම්බන්ධයෙන් කලින් කළ විමසීම් කළද නිසි පිලිතුරක් ලැබී නැතැයි ද වසර දෙක හමාරකට පසු පානදුර සභාව ලිපියක් එවමින් අදාල පොල් තොගය කුඩා හා නරක්වී ඇතැයි කියමින් රුපියල් ලක්ෂ දෙකක පමන මුදලක් පමනක් ගෙවීමට යෝජනා කර ඇති බව දිවුලපිටිය ප්‍රාදේශිය සභාපති ඉන්දික ජයසිංහ මහතා මන්තිවරුන්ට දැනුම් දෙනු ලැබීය.
මෙම මුදල පානදුර සභාව මගින් නොගෙවුවහොත් තම නිලධාරීන්ගෙන් අය කිරීමට සිදුවන බව විගණන විමසුමින් දන්වා ඇතැයිද ජනතාවට කරදරයක් සිදුවූ මොහොතේ කළ සේවය වෙනුවෙන් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස දන්වා යැවූ බවද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පානදුරේ කට්ටිය නේද අර මයි නවවෙනිදා සිද්ධියට හවුල් වුනෙත් ?
දූෂණ, වංචා, හොරකම්, නාස්තිය නැති රජයේ ආයතනයක් නැතුවා වගේ...