
ලන්ඩනයේදීය (රොයිටර්)
මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට‍්‍රස් දිනා ගත්තාය.
ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර රිෂී සුනාක් හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි.
ඒ අනුව 47 හැවිරිදි ලිස් ට‍්‍රස් ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය.
බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැතියේ ලිස් ට‍්‍රස් සහ දි රිෂී සුනාක් අතරේය.
රිෂී සුනාක් බි‍්‍රතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්)යි. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. ඔහුට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම්, එම ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයා සුනාක් වනු ඇත.
පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක‍්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප‍්‍රතිඵල අද ප‍්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව, ලිස් ට‍්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව ලිස් ට‍්‍රස්ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තවත් කඩඉමක් පැන්නා...
ඇයි අපටත් ඉන්නවා ලීස්ට් ට්‍රස්ට් ජනපති කෙනෙක්... එයා දියවන්නාවෙන් මතුවුණු කෙනෙක්...!
නමේ හැටියට විශ්වාසය අඩු කෙනෙක් නේද අගමැති වෙන්නේ? මහා බ්‍රිතානයේ එහෙමනම් මේ පුංචි ලංකාවේ කොහොම උනාම මොකෝ මචෝ?
ඇයට ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබාදුන් අතර රිෂී සුනාක්ට හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි. රනිල්වත් පත්කළ යුත්තේ මේ ආකාරයටයි.