(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.
රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 70 ක් අගෝස්තු වල ලාබ අරගෙන (අහිංසකයින්ගෙ තුට්ටු දෙක) කිලෝ එකට රුපියල් 9ක්, අසරණ අතපාන අයත් බලලනේ..!
දහස් ගණනින් වැඩිකරලා ජනතාව සූරාකනවා. ඡන්දෙ කිට්ටුවෙනකොට තව කීයක්හරි අඩුකරයි. මොවුන්ට ඡන්දයක් නෙවෙයි.. ඡන්ද හිඟාකන්න එනකොට ඉලපත තමයි ගන්න ඕනේ.
රුපියල් 1350/- ගත්තේ අවුරුදු 25කට ඉස්සෙල්ලා නෙවෙයි...
නිසි කළමනාකරණයකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය පාඩු ලැබූ විට රුපියල් දහස් ගණනකින් ගෑස් මිල වැඩි කොට , පසුව ආයතනය ලාබ ලැබූ බව මහත් උජාරුවෙන් ප්‍රකාශ කළා. අනතුරුව ජනතාවට සහනයක් සලසන බව පවසමින් රුපියල් 113 කින් ගෑස් මිල අඩු කිරීම හරිම විහිළුවක්...