කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු
ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 330ක් අද (24) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.