(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.
රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අයකර ගත හැකි රුපියල් කෝටි දස දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.
මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන් නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් එහිදී පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.
විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද රජයට කරුණු වාර්තාවී ඇත.
මෙම පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගුවන් ගමන් වැඩිවෙයි.
හාඩ්වෙයාර් කාරයෝ බිල්පත් නිකුත් නොකරන්නේ මේ නිලධාරීන්ගේ උදවූ ලැබෙන නිසයි. ඔවුන්ගේ ලක්ෂ ගණන්වල ගනුදෙනු පොත්වල සටහන් වෙන්නේ නැහැ.
රජයේ නිළධාරින් හා සේවකයින් තමන්ගෙ තනතුරේ කටයුතු කිරීමට අමතරව පුද්ගලික අංශයට කරන සේවා වෙනුවෙන් රජයට මුදලක් ගෙවිය යුතුය කියලා රාජ්‍ය සේවයේ නිළධාරින් සදහා පාලනය සිදුකරන ආයතන සංග්‍රහයේ දැක්වෙනවා නමුත් දහස් ගණනක් රජයේ සේවකයින් /නිළධාරින් තමන් රජයේ සේවයට අමතරව කරන කටයුතු වෙනුවෙන් කිසිම ගාස්තුවක් ගෙවන්නෙ නැහැ සමහර ගුරුවරු පාසැල් වේලාව පොත අත්සන් කර බැහැරව ගොස් පංති පවත්වා නැවත 1.30 ට පාසැලට එනවා නමුත් ජෝශප්ලා ඒවා නොදන්නා වුනත් සත්‍ය ඇත්ත එයයි.මේවා සදහා සමීක්ෂණයක් කරලා නියමිත ගාස්තු ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව අයකරන්න ඕන.
කරුණාකර රජයේ ගුරුවරුන්ට ටියුෂන් දීම තහනම් කරන්න. සමහර ගුරුවරු හවස ටියුෂන් පන්තිවලට සිසුන් අද්දවාගන්න ඕනෑ නිසා ඉස්කෝලෙදී හරියට උගන්වන්නේ නැහැ...
බලන්න අවුරුදු 34 දේශීය ආදායම් සේවයේ අත්දැකීම් මත වංචාව අඩුකිරීමේ ක්‍රම...
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න 95%ක්ම හොරු...
ඒ් කියන්නෙ බුද්ධි අංශ කාර්යක්ශමව මේ ගැන හොයනව සහ වාර්තා කලහැකි අවශ්‍ය නම් හොයල දේශපාලකයො තමා කරුණු හොයල දුන්නට හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඉඩ දීල නැත්තෙ.