
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.
මහජන විරෝධය වැළැක් වීමට රජය සමාජය වෙනුවෙන් සිදුකරන වියදම් වැඩි කර තිබුණත් ආණ්ඩුවට මහජනතාව ලබා දෙන සහයෝගය දුර්වල බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.
අදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන මගින් අයවැය පරතරය අවම කරගනිමින්,නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීම්වල තියුණු වෙනසක් සංඥා කරන බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටු කරන තුරු කාර්ය මණ්ඩල ගිවිසුමට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහයක් ගෙන තිබීම එක් නිර්දේශයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට තක්සේරු කර ඇති නිසා ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ණය සහන මත පදනම් විය යුතු බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.
2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ මූලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.3 කින් ඉහල යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් බංකොලෙත් කළ කොලකන්නි පන්නා දැමිය යුතුය.
රටට හෙණ ගැහිලා ගියත් ඔලු ගෙඩි මාරුවකින් හරි බලේ තහවුරු කරගන්න පමණයි මේ පාලකයන්ට ඕන වෙලා තියෙන්නේ. මහජන මතය පිළිබිඹු වෙන රාජ්‍යයක් බිහිකරන්න උස්සහ ගන්න සුදුසු කාලය මේ.
President has failed to country being stability due to suppression and loss of people's confidence !
ඡන්දයක් පවත්වන්න , මිනිසුන්ට තම පාලකයන් තෝරගන්න ඉඩ දෙන්න , ඡන්දෙට සල්ලි ජාත්‍යන්තරයෙන් ලබාදෙයි.
අපි හදිසි මැතිවරණ පවත්වන්න කියා ඉල්ලුවට ඡන්දයකින් නිවැරැදි තීරණයක් නොගත්තොත්...!
චීනයෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ තිරසාරත්ව මූල්‍ය සහතිකය මත තමයි මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නේ... ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් චීනය එකඟ නැහැ. ඒ නිසා ඔය ණය මුදල ලැබෙන්නෙත් නැහැ. දැන් ඉතින් ඉතිරිව ඇත්තේ, තියන දෙයක් කාලා වෙනදෙයක් වෙයි කියලා හිත හදාගෙන ජීවත්වීම පමණයි. ඒ වුණාට, අපි රොකට් ඇරපු, ලෝකෙට පේන්න උස කුළුණක් හදපු, වාහන නැතත්, මාවත් හයේ මහා මාර්ග හදපු ගුවන් යාන නැතත්, ගුවන් තොටුපොළවල් හදපු, සම්මන්ත්‍රණ ශාලා හා ක්‍රීඩාංගණ විනෝදෙට හදපු ලෝකෙන් උතුම් රටේ මහා ප්‍රෞඩ ජාතියක්. අපිට ඔය කාගෙන්වත් හිඟා කන්න ඕනෑ නැහැ. තියන විදිහල හලාල් නොමැති වඳ කොත්තුවක් කාලා දෙමල ඩයස්පෝරාවට බැන බැන ජොලියෙන් ඉන්නවා...