(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුදහතුන් දෙනෙක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්හ.
එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී විවෘත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙන් ගත යුතු සියලු තනතුරු, යස ඉසුරු අරගෙන, මහින්ද ගෝඨාභය ප්‍රතිරූපවලට මුවාවී පාර්ලිමේන්තු ගිය මේ අය දැන් බොරුවට කරන රංගනවලට හසුවන කිසිවකු නැත. කයිවාරුවන් පමණක් ඇති, ජනපති තේරීමේ පාර්ලිමේන්තු ඡන්දයේ දී සජිත්ගේ දේශපාලන ගුණ්ඩුවට හසු වුණු දේශපාලන ලාමකයකු පසුපස යන අනෙක් ලමාවරුන්ට ජනතාව විසින් ඊළඟ ඡන්දයේදී නිසි පිළිතුරු දෙනු ඇති. ඔවුන්ගේ දේශපාලන මිනීවල ඔවුන් විසින්ම කපාගෙන තිබීම එක අතකට රටේ වාසනාවකි...!
ඉදිරි ඡන්ද වලදි පොහොට්ටුවට කැම්පේන් කරන්නවත් එකෙක් හොයා ගන්න බැරි නිසා, බොරුවට රන්ඩු වෙලා අලුත් ලකුණක් යටතේ ප්‍රතිසංවිධානය වෙලා ඡන්දෙ ඉල්ලා නැවතත් එකතු වෙලා බලය ගන්න මේ සැරසෙන්නේ. පක්ෂ පාට කෙසේ වෙතත් මේ පරණ හොරුන්ට මනාපෙ ගහන්න එපා. අපේක්ෂකයා කොපමණ හිතවත් වුණත් ජනතා මුදල් වංචා කරපු, මිනීමැරුම් වලට සහ වෙනත් අපරාධ වලට සම්බන්ධ නම් මනාපෙ ගහන්න එපා. පක්ෂයට නොදීම බැරිනම් පක්ෂෙම අලුත් කෙනෙකුට දෙන්න. පාර්ලිමේන්තුවෙ සිටින පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගෙන් 90% ක් දූෂිතයෝ.
පොහොට්ටුව පැත්ත මාරුකරන විට හම්බ කුකුළන්ට රජමගුල්...!
තවත් අනාත මඩමක් බිහිවෙන ලකුණු.
කොටි සෙට් එක කැලේ මාරු කරන්නයි හදන්නේ. ඒ වුණාට පුල්ලි මාරු වෙන්නේ නම් නැහැ.
ජනතා මතයට ගරු කරන ,ජනතා දුක හදුනන, ගමනක් යන්න පුලුවන් නම් අපි ඔබලා සමග.
මේ කරන්නෙ ලොකු බොරුවක් ජනතාව මුලාකරන්න. මේක ප්ලෑන් එකක්. මුන් අවශ්‍ය වෙලාවට එක ගෙයි කන්න සෙට් වෙනවා. පට්ට හොරු රැල.
මේකෙ රහ දන්න නිසා හැම කෙනෙකුටම අවශ්‍ය වී ඇත්තේ නායකයා විමටය. තවත් අලුතින් මහලු මඩමක් ස්ථාපනය කරන්න යනවා. මුන් සෙට් එකේ උපදෙස් අරගෙන ගෝඨට රටින් යන්න වුනේ..
ඔය සෙට් එක අවුරුදු ගාණක් ඇමැතිකම් දැරුවා නේද? එතකොට වැරැද් දැක්කේ නැත්තේ ඇයි? තමන්ට ඇමැතිකම්, තනතුරු නැතිවෙනකොටද ස්වාධීන වෙන්නේ..? කොහොමත් අසූචි වලට අසූචි එකතු වෙනවා.
පට්ට හොරු මුන් රඟපෑමක් කරන්නෙ මුන් ඔක්කොම අප්පච්චි තමා ...අර නීල කාස.