(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව, වත්මන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ ණය බර අඩු කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයේදී චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සුදානම් බව ෂාඕ ලිජියෑන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බව කුණු පොහොර නැවෙන්ම අපි දැක්කා...!
බොරු කතා අවශ්‍ය නැහැ... චීනෙන් ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සහාය දෙන්න. අර කුණු පොහොර නැවට සල්ලි හෝ ඒකෙ මිලට රසායනික පොහොර දෙන්න.
චීනේ කවද්ද රටකට දරිද්‍රතාවයෙන් ගොඩඑන්න උදව්කළේ...? චීනේ හැමදාම කළේ කිම් ජෝන් වැනි, රාජපක්ෂලා වැනි ඒකාධිපති දූෂිත නායකයින් ශක්තිමත් කර ඔවුන් හරහා එම රටවල තිබෙන වරායවල් වැනි වැදගත් ස්ථාන සින්න කරගන්න එක...