IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එක් පවුලක් ලක්ෂ 58ක් ණයයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් දිවයිනේ සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව සිටින බව විශේෂ අධ්‍යයනයකදී පෙනී ගියේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ඒ අනුව අද වනවිට මෙරට සෑම පුද්ගලයකුම පහළොස් ලක්ෂ පනස් හය දහසක ණයකරුවකු බවට පත්ව සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර 2019 වර්ෂයේ සිට මෙම වර්ෂයේ මැයි මාසය වනවිට පුද්ගලයන් බැංකුවලින් ණය ගැනීම සියයට 50 කින් පමණ වැඩි වී ඇතැයිද එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.

දිවයිනේ සෑම පවුලකම ණය ප්‍රමාණය එම කාලසීමාවේදී( 2019 වර්ෂයේ සිට 2022 මැයි මාසය දක්වා) රුපියල් දාහත් දහස් පහළොස් දහසකින් පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා දිවයිනේ පුද්ගලයකුගේ ණය ප්‍රමාණය( එම කාලසීමාවේදී) රුපියල් හාර ලක්ෂ හැට හතර දහසකින් පමණ වැඩිවී ඇතැයිද පෙන්වාදුන්නේය.

තවද මේ රටේ සෑම පුද්ගලයකුම 2020 ආරම්භයේ සිට දිනකට රුපියල් 526 කින් ණයකරුවකු වන බව එම අධ්‍යයනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

එසේම විවිධ බදු වර්ග පැනවීම හේතුවෙන් රජය විසින් දිවයිනේ සෑම පුද්ගලයකුගේම ණය ප්‍රමාණය දිනකට රුපියල් 270 කින් පමණ ඉහළ නංවන බව පෙනී යන්නේ යැයි සඳහන් කරන අතුකෝරළ මහතා පෞද්ගලිකව ණය ගන්නා සෑම පුද්ගලයකුම දිනකට රුපියල් 257කින් ණයකරුවකු බවට පත් වන බවද සඳහන් කළේය.

මේ සියලු තොරතුරු අධ්‍යයනය කිරීමේදී සෑම පවුලක්ම දිනකට රුපියල් 2000කට වැඩි මුදලකින් ණයකරුවන් වෙමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

මේ අනුව දිවයිනේ සෑම පුද්ගලයකුම රජය මඟින් දිනකට රුපියල් 1000 කින් ණයකරුවකු බවට පත් කරන අතර තමන් ගන්නා පෞද්ගලික ණය මගින්ද සෑම පවුලක්ම දිනකට තවත් රුපියල් දහසකින් ණයකරුවකු බවට පත් කරන බව පෙනී ගොස් ඇත.

 



අදහස් (5)

එක් පවුලක් ලක්ෂ 58ක් ණයයි

Santhu Saturday, 03 September 2022 06:10 PM

අපේ පවුල් circle තුල නම් දවසකට රු 500 ක් වත් ණය නැහැ. ඔන්න අනුන්ගෙ ණයත් අපිට ගෙවන්න කියනව එහෙම නෙවේ. ණය උන අයම ගෙවන්න පොදි ගහපුවායින්.

:       1       6

" ඉල්ලන්-කන් " Saturday, 03 September 2022 07:38 PM

උද්ධච්ච මාන්නයෙන් පිටරටට අතපා ජීවත්වන සිංහළයට අද ඉතිරිව ඇත්තේ ගෙවිච්ච උදැල්ලයි දිරච්ච අමුඩයයි වඳවී යන සිහළ බසයි කෙස් වැටෙනකම් තට්ටේ පෑදෙන ණය බරයි..!! උතුරේ එවුන් උදැල්ලෙන් කොටලා කොළඹට එවනවා ඒ කෑම... කොළඹ එවුන් රසට ඒවා කාලා මොබයිල් එකෙන් කොට කොට ගස් යට ඉඳගෙන 'ටික්-ටොක්' දාලා පොෂ් එක පෙන්වනවා ! බැලුවම ණයට කාඩ් දාලා ඒකත් කොටලා තියෙන්නේ..! පදින වාහනයත් ගෙවීමේ ක්‍රමයට ණයට අරගෙන ක්‍රෙඩිට්-කාඩ්වලින්ම ණයටම පෙට්‍රල් ගහන ජීවත්වන තරුණ සමාජයක් අද දකිනට ඇත්තේ ! සිරි-ලන්-කන් කිව්වට ඉල්ලන්-කන් තමයි පේන්නේනම්..!

:       2       10

Perera Sunday, 04 September 2022 10:50 AM

තිස් වසරක යුද්ධය දිනවලා ඊට පස්සේ හිතුමතේට හොරාකාලා අපිට උරුම කරපු දේ තමයි ඔය.

:       0       2

leckmich Sunday, 04 September 2022 12:24 PM

අහසින් මැණික් මලු පොලවට කඩා හැලෙන අපේ රටේ ඕක මොකක්ද? නැතිනම් අර ගෙවල් ගානේ සල්ලි ගෝනි බෙදන නැනලා ඔය ණය ගෙවලා දායි නේද?

:       0       2

fairoos Sunday, 04 September 2022 01:16 PM

වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..? ජාතිවාදයෙන් රට කරන්න ආපු නන්දසේන රට නැත්තටම නැතිකළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 391 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site