(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
වංචා කරන ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත වහා සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
රටට ඩොලර් හිඟයක් නැති බවත් අවශ්‍ය නීතිරීති ඇති කිරීමෙන් ඩොලර් ගෙන්වාගැනීම අපහසු දෙයක් නොවන බවත් ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පනත් සංශෝධන මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා ලෙසට ඉදිරිපත් කරන්න බැරිද ලොක්කෝ...?
ඉතිං අලුත් නීති ගෙන්නකො. ඕව aඅපිට කියල වැඩක් නැහැනෙ . මම aඅහල තියෙන්නෙ දැන් තියන ව්‍යවස්ථාවෙ හැටියට "ගෑනියෙක් මිනිහෙක් කරන්න බැහැ , මිනිහෙක් ගෑනියෙක් කරන්න බෑ" කියල .
මොකද නීති නැත්තේ... නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක වෙනවා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙනකොට හිරේ ඉන්න ඕනේ...!
ගම්වල ගැහැණු ඔපාදූප කියන විදිහට කතා කරන්න එපා. නීති ඕනේ නැහැ ජනතාව තීන්දු කරාවි. ඔබ කියන්න කවුරු කවදා මොන ක්‍රමයට කොපමණ ඩොලර් ප්‍රමානයක් වංචා කළාද කියලා...