ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 )පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. 19 July 2022
යෝජනා වූ නම් තුනම පිළිගනී ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය. 19 July 2022
ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 19 July 2022
නාම යෝජනා බාර ගැනීම අරඹයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 6 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා බාර ගැනීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිවේදනය කළේය. 19 July 2022
විදුලි ගාස්තුව අගෝස්තුවේ ඉහළ යයි විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 19 July 2022
මහනුවර,නුවරඑළිය ඇතුඵ පළාත් කීපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2022
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න වෙයි? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 July 2022
අරගලකරුවන්ගේ ඉල්ලීමට ශ්රීලනිපය කන්දෙයි නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත. 19 July 2022
ජනාධිපති ධුරයට නම් කැඳවීම අද උදේ 10.00ට අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ . 19 July 2022
මියගිය පෙදරේරුවාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට 80,000ක් වැය වෙලා උඩදුම්බර මහවල උඩුවාහින්න ගම්මානයේ නිවෙසක මියගිය පෙදරේරුවකුගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නිවැසියන්ට රුපියල් 80,000ක් වැය වීමේ පුවතක් වාර්තා වෙයි. 19 July 2022
කතානායකගෙන් පොලිසියට පැමිණිල්ලක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 July 2022
අක්කර හතක වම්බටු අස්වැන්න කොටුවේම කුණු වෙයි ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව අක්කර 7ක වම්බටු වගාවේ අස්වැන්න අලෙවි කර ගැනිමට යාමට ඉන්ධන නොමැතිව වගාකරු අසරණ වී සිටියි. 18 July 2022
මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාව මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. 18 July 2022
‘‘බ්‍රිතාන්‍ය ලංකාව ගැන මීට වඩා සිති යුතුයි‘‘ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ශ්‍රීමත් පීටර් හීප් මහතා ’ද ගාර්ඩියන්’ පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය. 18 July 2022
පාස්කු පරීක්ෂණයට බ්‍රිතාන්‍ය පොලිසියේ සහායත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 July 2022
පක්ෂ නවයේ තීරණය හෙට ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි හෙට තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 18 July 2022
කඳුළු ගෑස් උණ්ඩ සඟවාගත් පෙදරේරුවා පෙරට්ටුවකට පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශවලට පහරදීමෙන් පසු අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සඟවාගෙන සිටියැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 01 වැනිදා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 18 July 2022
සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය. 18 July 2022
විමල්ගේ වත්කම් නඩුවට දින දෙයි අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කළ වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යානු කූල අදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද (18) නියම කළේය. 18 July 2022
පොල්දූව විරෝධයේ අමු විඩියෝ සී.සී.ඩීයට දෙන්නැයි නියෝගයක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා සිදුවූ අරගලයට අදාළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙසට නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අද (18) නියෝග කළේය. 18 July 2022
රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් තුනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පවත්වා ඇත. 18 July 2022
රනිල්ට එරෙහිව නාගානන්ද පෙත්සමේ තීණ්දුව හෙට එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය. 18 July 2022
මුහුදු යන්නේ බලාගෙනයි කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2022
ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 July 2022
සුපිරි සාප්පු ඉදිරිපිට පා පැදියට ඉඩක් මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙක් පා පැදි භාවිතයට හුරුව ඇත. කොළඹ නගරයේ ද බොහෝ දෙනෙක් පා පැදිවලින් ගමන් බිමන්වල නිරත වන අයුරු දැකගත හැක. 18 July 2022
මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවීමත් ණය පැහැර හැරීම පිළිබඳව ඇමෙරිකාවේ ගොනුකර ඇති නඩුවෙන් බරපතල තීන්දු ලැබිය හැකිවීමත් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ‘කෝප්’ කමිටුවේ සභපාති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාට ලිපියක් යොමු කර තිබේ. 18 July 2022
අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක් ජන අරගලයේ නිරත පිරිස් ’’ජන අරගලයේ පුරවැසියෝ’’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත. 18 July 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් අද එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 18 July 2022
නව ජනපතිගේ වගකීම් කරු පහදා දෙයි අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 18 July 2022
මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 18 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026