අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත්තේ, පුටින් අවමංග්‍යයට සහභාගී නොවනු ඇත්තේ ඔහුගේ රාජකාරි කටයුතු හේතුවෙන් බවය.
මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවය හෙට (2) දින රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතය. ඒ, මොස්කව් අගනුවර ‘ද හවුස් ඔෆ් ද යූනියන්ස්’ ගොඩනැගිල්ලේ, ‘හෝල් ඔෆ් කොලම්ස්’ ශාලාවේ පැවැත්වෙනු ඇත.
දිගු කාලයක් තිස්සේ රෝගීව සිටි 91 හැවිරිදි මිහායිල් ගොර්බචොෆ් මියගියේ පසුගිය 30 වැනිදාය. එම අවස්ථාවේ පළමුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කළේ රුසියන් ජනපති පුටින්ය. ඉන්පසු ගොර්බචොෆ්ගේ දේහය රුසියන් මහ රෝහලේ මහජන ගෞරවයට තැන්පත් කර තිබුණු අතර, ජනපති පුටින් එහි ගොස් දේහයට ගෞරව දැක්වීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd