(දයාසීලි ලියනගේ)
තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුව විදීමට සිදුව ඇත.
ඉන්ධන මිල දී ගැනීම ඉන්දියාවට යාමට ඒමට යන වියදම හා ඉන්ධන, ගුවන් යානාවල ක්ෂය වීම සඳහා මෙම පාඩුව සිදුවන බව ගණන් බලා ඇත.
තෙල් ලබා ගැනීම සඳහා ගුවන් යානා විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මසකට ඉන්දියාවට යන බව සඳහන් වේ. මේ පියාසර කිරීම අතිරේක ගමනක් වන අතර ගුවන් යානාවල ක්ෂය වීම දීර්ඝ කාලීනව බලපාන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කීය.
දිනකට ගුවන්යානා ඉන්ධන ලීටර් ලක්ෂ පහමාරක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපලේ සේවා කටයුතුවලට, ගුවන් සමාගම් මගින් ගුවන් ගතවන මගියෙකුට ඩොලර් 46 බැගින් සහ ගුවන් යානාවල සේවා කටයුතු සහ ඉන්ධනවලට ගාස්තු ගෙවනවා. මේවා ගෙවන්නේ ඩොලර්වලින්. ගුවන් යානා ඉන්ධන ගෙවන එක කළමනාකරණය කරගන්න බැරිද? ඇමැතිලා සහ නිලධාරීන් නිදිද?