(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

භාර (සංශෝධන) පනත් කෙටුම්පත සහ රුපියල් කෝටි 421 කට වැඩි මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) සම්මත විය.

විවාදය අද පෙරවරැ 11.00 සිට පස්වරැ 5.30 දක්වා පැවැත්විණ.

පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මෙෙසේ පැවැසීය.

ගුවන් හමුදාවට නියමුවන් නොමැති ගුවන් යානා හදිසි මිලදී ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවත් අද විවාදයට ගෙනෙනවා.ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.අප රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරී බව රැකගැනීමට ගුවන් හමුදාවට විශේෂ වගකීමක් පැවරෙනවා.භූමියේ,ගුවන් කලාපයේ මෙන්ම ජල තීරයේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව විශාල වගකීමක් ඉටු කරනවා. නියමුවන් නොමැති යානා 1996 වසරේ සිට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කර තිබෙනවා.

ලංකාව අධික ලෙස ආපදා සිදුවන රටක්. එබැවින් ගලවා ගැනීමේ සහ සෙවීම් මෙහෙයුම් සඳහා මේ උපකරණ අත්‍යවශ්‍ය වෙනවා.ආපදා අවම කර ගැනීම සඳහා අප පෙර සූදානමක සිටිය යුතුයි.හමුදාව සඳහා භාවිත කෙරෙන අධි තාක්ෂණික උපකරණ වලට පුහුණුවීම් කළ යුතුව තිබෙනවා.ආපදාවක් වෙන්න පෙර සූදානම සඳහා මේ උපකරණ අප මිලදී ගන්නවා. ඊශ්‍රායලයේ සමාගමකින් මේ යානා මිලදී ගැනීමට අප යෝජනා කර තිබෙනවා.එය ඊශ්‍රායල රජයට අයත් සමාගමක්. රටකින් රටකට කෙරෙන ගනුදෙනුවක් ලෙස මෙය කෙරෙනවා.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20කට ආසන්න

පිරිසක් අදහස් දැක්වූහ.