
(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.
එම වෘත්තීන්හි නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බව පැවසූ මායාදුන්නේ මහතා ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බවද පැවසුවේය.
ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වෙලාවකට එකක් කියනවා. තව ටිකකින් තව එකක් කියනවා. කිසිම දෙයක් පිළිවෙලට කර ගන්න බැරි මිනිස්සු ටිකක්...!
බුද්ධිමතුන් විශ්‍රාම යනවා. හාල්පාරුවන් ටිකක් පාර්ලිමේන්තු ඉන්නවා 60 පැනපු... රට විනාශ වෙන්නේ 60 පැනපු රාජ්‍ය සේවකයින් නිසා නෙවෙයි මඩි තරකර ගන්න පාර්ලිමේන්තු හොරුන් නිසා...
අමාත්‍යාංශය ඵලදායිතා සම්මාන ලැබීමට අතීත චක්‍රලේඛ විනාශ නොකලානම් ඒවා පරීක්ෂා කලානම් මෙයට පෙරත් අවුරුදු හැටපහක් සේවයේ යෙදීමට අවස්ථාව තිබුනු පිරිසක් හිටියා කියලා දකින්නට පුළුවන් වෙනවා (මම එහෙම චක්‍රලේඛ දැකල තියෙනවා) එහෙම දැනගෙන චක්‍රලේඛ නිකුත් කිරීමේදී අවශ්‍ය වෙන්නෙ එයට සම්බන්ධ කිරීම පමණයි
විශේෂ වෛද්‍යවරු සහ හෙදියන් හැර අනෙකුත් සියළු දෙනාම යවන්න.
පාර්ලිමේන්තුවේ සිටින 225ම අවුරුදු 55න් විශ්‍රාම යැවිය යුතුයි.
ගෙදර යවන්න ඕන 60ට වැඩි අය නෙමෙයි, නිකන් ඉදන් පඩි ගන්න අයව. හරියට මෑන් පවර් ප්ලෑන් එකක් කලොත් එහෙම අය ලක්ෂ දෙක තුනක් හොයාගන්න පුළුවන්.
CEB එකේ 60 පැනපු ඉංජිනේරුවො කරුණාකරලා යවන්න.
අවුරුදු 55 - 60 පැන්න පසුව රාජ්‍ය සේවයේ වැඩ කිරීමේ හැකියාවක් නොමැති බැවින් එම කාලයේදී විශ්‍රාම යැවීම අනිවාර්යයෙන්ම කළ යුතුය. 60 පැන්න දේශපාලනඥයින් පිරිසක් රටට කරන්නේ ද විනාශයක්.
That decision really appreciated. Even in England, high skilled proffesional have been get retired at the age of 65yrs. Really timely good decision. Otherwise most of organisations get collapsed since they are directly related to development and productivity of the country.
හැට පැනපු මහජන නියෝජිතයෝ නියාමනය කිරීමක් අවශ්‍ය බව සහ පරිනත යහපත් රාජ්‍ය සේවකයින් ක්‍රමවේදයකට අනුව රටේ ආර්ථිකය නැංවීමට යොදාගත යුතුය.
ශ්රී ලංකා ගුරු සේවය 55 හෝ 58න් විශ්‍රාම යැවීමට කටයුතු කළා නම් හොඳයි.
ගුරු සේවය 55 හෝ 58 යන්න තිබුණා නම් හොඳයි...
වෛද්‍යවරුන්ට එය කමක් නැත, නමුත් වෙනත් තක්කඩින්ට මෙය ලබානොදෙන්න ශේෂයෙන් ලංවිම
60 න් විශ්‍රාම යාම නිසා අධ්‍යාපනය ද අඩාල වේ ශ්‍රේණිධාරී විදුහල්පති වරුන් අඩුවේ.
පාසලක ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටිය යුතු බවත්, 60 න් යවා නැති වුණොත් අධ්‍යාපනය අඩාල විය හැකිය...