(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු  රුපියල්  මිලියන 250 ක මුදල අද දින  මුදා හළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවීන් වෙත  ගෙවීම සඳහා වෙන් කෙරුණු මෙම මුදල රාජ්‍ය බැංකුවක් විසින් පරණ ණයට හිලව් කර ගෙන තිබුණි.

ඇති වු ගැටළුකාරි තත්ත්වය නිසා ගොවීන්ට මුදල් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද විය.

මේ තත්ත්වය නිසා වී ලබාදුන් ගොවීන්ට ගෙවීම් කටයුතු ද ප්‍රමාද වූ අතර ගැටළු තත්ත්වය නිරාකරණය කරගෙන ඉතා ඉක්මනින් ගෙවීම් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන් වෙත දැනුම් දී තිබිණි.

 මෙම ගැටළුව විසඳාගැනීම සඳහා  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් මැදිහත් වී තිබේ.