
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමා ඉවත්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය.
ඔහු ඉවත් නොකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අලි සබ්‍රි මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
මහ බැංකු අධිපතිවරයා පස්සේ පැන්නීමෙන් වළකින්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා ඔහු කියූ දේ ඉටු කළ පුද්ගලයකු බවද ප්‍රකාශ කළේය.
මෙය හොඳ අය වැයක් බවත් රට ගොඩනැගීමේ පළමු පියවර මින් තැබූ බවත් හෙතෙම සඳහන් කළේය.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය දෙන ලෙස සියලූ පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවද අලි සබ්‍රි මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ණය නොගෙවීම පිළිබඳ අසාදු ලේඛනයට ගොස් ඇති හෙයින් රටට අද කිසිවකුත් ණය ලබා නොදෙන බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා රටේ ආර්ථික අර්බුදය අද ඊයේ සිදුවූ දේ වල ප්‍රතිඵලයක් නොවේ යැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණන්දලාල් මහතාට මේ රටේ ඉන්නෙ කිසිම උවමනවක් නැත. ඔහුගෙ සුබ සාදනය වෙනුවෙන් නොවෙයි. ඔහු මෙහෙ අවෙ රට වෙනුවෙන්. දක්ෂ නිලදාරියෙක් එමනිසා ඔහු මෙම තනතුරේ සිටිය යුතුමයි.
අලි සබ්‍රි කියන්නෙ අපේ රටෙ සම්පතක්. ඔහු හොද අවන්ක නායකයෙක් කියලයි මටනම් හිතෙන්නෙ. එ වගෙම නන්දලාල් මහත්තයත් තවදුරටත් මහබැංකුවෙ අදිපති ලෙස සිටිය යුතුයි. කලින් හිටපු කෙනා වගෙ ඇමතිලට ඔනෙ විදියට බොරු කියල රටෙ ජනතව රවටන්නෙ නැහැ.
වැඩක් කරන මිනිහෙකුට ඉන්න දෙන්නේ නෑ.
හොර දේශපාලකයෝ කැමති පි. බී., අජිත් නිවාඩ්, අර්ජුන් මහෙන්ද්‍රන් වැනි හොරෙක් මහ බැංකු අධිපති කමට ගන්න. නන්දලාල් මහත්මයා මේ අවස්ථාවේ ඉන්න එක ලොකු හයියක්.
හොරා කන්නම සූදානමින් සිටින නඩයට, රටට යහපතක් සිදු කිරීමට අවංකවම ඉදිරිපත්ව සිටින අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වැනි අය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් තිබේද? කිසිසේත්ම මෙය සිදු නොවීම විය යුතුයි. නන්දලාල් මහත්මා රට ගැන සිතා පැමිණ ඇති බැවින් ඔහුගේ සේවය අවතක්සේරු නොකළ යුතුයි. එසේ වුවහොත් මෙම තනතුර අතහැර එතුමන් ආපසු යාම සිදුකරාවි...
නන්දලාල් මැතිතමාගෙ අදහස් නිවැරිදි බව තේරුම් ගිය නිසා,දැන් පාර්ලිමේන්තුවේ වයසක කොල්ලො ටික බයෙන්., හිතූමතේට ලබන සම්පත් කප්පාදු කරල අසරනයින්ට දෙයි කියල.