(උපාලි ආනන්ද)
කාවන්තිස්ස දළ ඇතා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළැඹෙන 19 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ කාවන්තිස්ස දල ඇතා ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බී 63322/2026 අංක දරණ නඩුව බෙස්ට් විෂන් ෆවුන්ඩේෂන් සංවිධානය වෙනුවෙන් නීතිඥ රෝහිත රාජකරණා මහතා මෝෂමක් මගින් යළි කැඳවා කළ කරුණු දක්වීමක් සැළකිල්ට ගනිමිනි.
ඒ අනුව අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා මහතා කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වෙමින් පවතින බවයි.
ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ස්වාධීනව විධිමත් භාවයකින් යුක්තව හා උපරිම විද්‍යාත්මක සාධාරණත්වයකින් යුක්තව සිදු කිරීම මගින් ඇතාගේ මරණයට සැබෑ වගකිව යුත්තන් කවුරුන්ද? යන්න අනාවරණ කර ගැනීමට හැකි බවද පවසා සිටි නීතිඥවරයා ගල්ගමුව ප්‍රදේශයේ අහිංසන ගොවි ජනතාව මස් වැද්දන් නොවන බවත් කාවන්තිස්ස ඝාතනය සම්බන්ධයෙන් ගොවි ජනතාවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් මෙම අහිංසක ගොවි ජනතාව රජයෙන් වන්දියක් ලබා ගැනීමකින් තොරව තම ඉඩකඩම් අලි කොරිඩෝවට පරිත්‍යාග කර ඇති බවත් අවධාරණය කළේය.
පිට පළාත් වලින් පැමිණෙන ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන්ගේ හිතවතුන් අක්කර පනහ සියය වට කරගෙන විදුලි වැටවල් ඉදිරිකර අලි ගමන් මාර්ග අවහිර කර අති බවද සදහන් කළ නීතිඥ රෝහිත රාජකරුණා මහතා එවැනි පසුබිමක් තුල කාවන්තිස්ස ඝාතනය සම්බන්ධයෙන් ගල්ගමුවේ ගොවි ජනතාව හංවඩු ගැසීම තුලින් අලි මිනිස් සහජීවිනයට බාධා ගෙන දී ඇති බවත් පෙන්වා දුන්නේය.
කාවන්තිස්ස ඝාතන සිද්ධියට වනජීවි දෙපාර්තෙමින්තුවේ සියලු නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම ද නිවැරදි නොවන බවත් කැපවීමෙන් රාජකරි කරන නිලධාරීන් සිටින බවත් කී නීතිඥවරයා කාවන්තිස සිද්ධියේදී වනජීවි දෙපාර්තෙමින්තුවේ ඉහළ නිලධාරීන් සිය වගකීම් පැහැර ඇති බවට සමාජය තුල සැකයක් පවතින බවත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd