IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


පුංචි ඡන්දය ලබන මාර්තුවේ

(දයාසීලි ලියනගේ)

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා මහතා කීය.

ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු කීය.

ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 5ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන අටත් දහයත් අතර වනු ඇතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (2)

පුංචි ඡන්දය ලබන මාර්තුවේ

පුරවැසියෙක්... Friday, 02 September 2022 05:20 PM

ඉදිරි මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කිරීමක් විය යුතුයි. දැනට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව කිසිසේත්ම අවශ්‍ය නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමි...

:       0       0

Bamunuarachchi Saturday, 03 September 2022 07:46 AM

රටේ මේ අමාරු කාලේ කාටද පුංචි චන්ද ඕනේ? අපි චන්ද දමන්න එන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයෙන් රටට වෙන සේවය මොකක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site