(දයාසීලි ලියනගේ)
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.
පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය.
මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා මහතා කීය.
ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු කීය.
ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 5ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන අටත් දහයත් අතර වනු ඇතැයි විශ්වාස කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කිරීමක් විය යුතුයි. දැනට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව කිසිසේත්ම අවශ්‍ය නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමි...
රටේ මේ අමාරු කාලේ කාටද පුංචි චන්ද ඕනේ? අපි චන්ද දමන්න එන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයෙන් රටට වෙන සේවය මොකක්ද?