(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බයිලා කියලා රස කතා ඉදිරිපත් කළා යැයි රට ගලවා ගන්න බැරි බව කී මන්ත්‍රීවරයා හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම බවද කීය.
රට බංකොලොත් කළ මුදල් ඇමති ලඟ දණින් වැටෙන මන්ත්‍රීවරුන් තවම සිටින බවත් හොරු රකින පුහු සැලසුම් හදා රට බංකොලොත් කළ පංච මහා කුරහන් නායකයින්ට නම් බේරෙන්න දෙන්න බැරි බවත් අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩු වලට කිසිම සහායක් නොදෙන බවත් එරාන් වික්‍රමරත්න මහතා කීය.
අතුරු අයවැය අවසන් දින විවාදය අරඹමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පලනය කරන උන්ට ඔක තෙරෙන්නෙ නැහැනෙ .
අපි සියලු දෙනාම අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ වර්තමානයේ පවතින අර්බුද උග්‍ර බවත්, අප එකමුතු වී දැඩි ප්‍රශ්න මඟහරවා ගැනීමට වෙහෙස නොගන්නේ නම් අනාගතයේදී එය වඩාත් නරක අතට හැරෙනු ඇති බවත්ය. එම අරමුණු ඉටුකර ගැනීමට නම් පක්ෂ දේශපාලන භේදයකින් තොරව අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කර ගත යුත්තේ සුදුසුකම් ලත් අව්‍යාජ කාර්යක්‍ෂම පුද්ගලයන් පමණි. මේ සම්බන්ධයෙන් වයස් සීමාව ද වැදගත් වේ. ඔවුන් අතරින් හොඳම අය කැබිනට් මණ්ඩලයට තෝරාගන්න.. ඒ ඒ වැදගත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කළ යුතුයි. අපිට උදව් කරන්න විදේශ රටවල් එන්නේ නැති බව පැහැදිලියි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර නිසිආකාරයෙන් කටයුතු කළ යුතු අතර රට තවදුරටත් කඩා වැටීමෙන් බේරා ගත යුතුය. අනාගත පරපුරේ අනාගතය ඇතුළු අපේ අනාගතය අපේ අතේ. අවාසනාවකට වත්මන් දේශපාලකයන්ගෙන් වැඩි දෙනෙකුට මේ තිත්ත ඇත්ත තේරෙන්නේ නැත.
උද්ධච්ච මාන්නයෙන් පිටරටට අතපා ජීවත්වන සිංහළයට අද ඉතිරිව ඇත්තේ ගෙවිච්ච උදැල්ලයි දිරච්ච අමුඩයයි වඳවී යන සිහළ බසයි..!
දෙකම දමනය කලයුතුයි පළමුව අරගලය දමනය කලයුතුයි අරගලය නිසා රටට විදේශීය විනීමය ලැබීම නැතිවෙනවා එනිසා උද්දමනය ඉහල යනවා. එමනිසා පළමුව අරගලය දමනය කරන්න. ඒ සඳහා අරගල කරුවන් කකුල්දෙකෙන් එල්ල අඩු ගින්දරේ තෙල් හිඳින්න.