ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක් ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. 17 July 2022
දියණිය මවට මෝල්ගසෙන් ගසා මරා දමයි 38 හැවිරිදි දියණියක 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 17 July 2022
නූපන් දරුවා සමඟ අම්මයි තාත්තයි වෑන් රියට බිලි වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ ගැබිණි මවක සහ ඇගේ සැමියා එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි. 17 July 2022
දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 17 July 2022
‘‘පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 17 July 2022
ජංගම ඉන්ධන පිරවුම්හල් එයි ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 17 July 2022
වාසුගේ සහාය ඩලස්ට ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 17 July 2022
ආහාර හිඟයට පලා කැඩූ දරුවාට කිඹුල් ප්‍රහාරයක් නිවසේ ඇති ආහාර හිඟයට පිළියමක් ලෙස පලා ටිකක් කැඩීමට දෙටගමුව වැවට ගිය පිරිසක් අතර සිටි 13 හැවිරිදි දරුවකු කිඹුලෙක් ඩැහැගෙන යද්දී අසල සිටි පිරිස වැවට පැන දරුවා බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. 17 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව තව දින දෙකකට දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින දෙකට දීර්ඝ කරමින් හෙට සහ අනිද්දා (18 සහ 19) දක්වා ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පෙරවරුවේ පැවසීය. 17 July 2022
තෙල් ඇප් එකේ වෙනෙසක් වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 17 July 2022
පොහොට්ටු මන්ත්‍රීගේ වැනසූ ගෙවල් හදන්න සූදානම් ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුලු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. 17 July 2022
පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. 17 July 2022
පුත්තලමේ පෙට්‍රල් ලීටරයක් 2500යි පුත්තලම හා අවට පෙට්‍රල් ලීටරය රුපියල් 2500 කට අධික මුදලකට අලෙවි කරන බව වාර්තාවෙයි. 17 July 2022
වල්අලි ප්‍රහාරවලින් ගොවියෝ තුනක් මරුට පොලොන්නරුව දිඹුලාගල, මැදිරිගිරිය නවනගරයේදී සහ සාලියවැව නීලබැම්ම බලකොටුව ප්‍රදේශයේ වල් අලි ප්‍රහාර තුනකින් ගොවියන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 July 2022
‘‘දූෂණය මැඩලන හැටි අරගලකරුවන්ට දැනුම් දෙනවා‘‘ සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් ’’මහජන කවුන්සිලය’’ඉතා හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ. 17 July 2022
උපකාරක ගුරාගේ ජරාවැඩක් උපකාරක පන්ති පවත්වාගෙන යන පාසල් ගුරුවරයකුගේ උසස් පෙළ පන්තිට සහභාගී වූ සිසුවියන් සිවු දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 July 2022
ගාල්ල සහ මාතර ඇතුළු පළාත් කීපයකට අදත වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 July 2022
ඉන්ධනහලේ කළමනාකරු තෙල් පන්නද්දී මාට්ටු ඉන්ධන නොමැතිව දින 36ක් තිස්සාසේ වසාදමා තිබූ මග්ගොන පිරවුම්හලේ කළමණාකරු අද (16) රාත්‍රි විදුලි විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් ලීටර් 25 ක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලුහුබැඳ අල්ලා පයාගල පොලිසියට බාරදී තිබේ . 16 July 2022
මැදිරිගිරියට දින 16කට පසුව ලැබුණු ඉන්ධන සෞඛ්‍යට පමණයි මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 16 පසු පැමිණි ඉන්ධන තොගය සෞඛය අංශයේ සේවකයන්ට පමණක් ලබා දීමට කටයුතු කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 16 July 2022
’’රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි’’ ’’රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. 16 July 2022
ජීවන බර අඩු කරන්න රනිල්ගෙන් සහන දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 16 July 2022
ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 16 July 2022
මන්දිරවලටවූ විනාශය ගැන විගණනයක් අරගල කරුවන් අතින් විනාශ වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 16 July 2022
දිස්ත්‍රික්කවලට පොහොර බෙදෙන්නේ මෙහෙමයි ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 16 July 2022
පොහොට්ටු සභාපති - ලේකම්ගෙන් කරුණු විමසයි දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත. 16 July 2022
ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි කිරීම ඇරඹේ ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ’ජාතික ඉන්ධන බලපත්‍රයක්’ නිකුත් කිරීම වාහන ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 16 July 2022
‘‘මහ ලේකම් කිව්වේ මහා බොරුවක්‘‘ අපි නායකයන්ට පැහැදිලිව කියනවා ඒක මේසෙක වාඩි වෙලා තීන්දු කරන්න ජනාධිපති කව්ද ? අගමැති කවුද? කියලා. එහෙම නැතුව ඡන්දවලට ගිහිල්ලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව තව තවත් පීඩනයට ලක් කරන්න එපා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය. 16 July 2022
අඹ සනා ඝාතනයට තුනක් සැකපිට පෑලියගොඩ මැනිං වෙළඳ සංකිර්ණයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අඹ සානා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 16 July 2022
අනුරත් ජනපති තරඟයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 16 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026