මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ මුල කාලයේ මුව ආවරණ (මාස්) සැපයීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ හතහාමාරක් වංචා කළේ යැයි චෝදනාවට වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ ඇගේ සැමියා කොළඹ මධ්‍ය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.