
(අංජුල මහික වීරරත්න)
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇතැයි ද ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට බාර දුන්නේය.මේ සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබේ.
මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්ය.
කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරේ.
ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ද සමරසිංහ මහතා අනාවරණය කළේය. මේ වනවිට ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කර ඇති අතර එයින් ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටින බව සමරසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි සිදුවිය යුත්තේ. එය අනවශ්‍ය දෙයක් අපරාධ වියදමක් සේ නොසලකා එයින් රටට වැඩක් ගැනීමට සියල්ලන් එක්විය යුතුයි. අනිවාර්යයෙන් නෙළුම් කුළුණ වාර්තා ගත ආදායම් උපයයි..
ඕක හැදුවේ ඇයිද කියන්න දන්නෝ දනිති. ඕක විවෘත කරත් නැතත් චීන රජයට අවශ්‍ය දේවල් වෙලා ඉවරයි. ලෝකයේ විදුලි බිඳ වැටීමක් තියෙනවා. ලංකාවට උඩින් කොළඹ ප්‍රෙද්ශයට වෙන්න. ඒක මඟහරවා ගන්න හදපු එකක් තමයි ඔය නෙළුම් කුළුණ. ඇන්ටනා එක හදපු දවසේ ඉඳන් වැඩ..
ඕක හදපු මුදලින් කොළඹ වරායේ නැගෙනහිර හෝ බටහිර පර්යන්ත වලින් එකක් හැදුවා නම් කුමක් වෙන්න පුළුවන්ද?
දැන් ඉතින් නෙළුම් කුළුණ කඩලා දාන්න යැ... "ගිය හකුරට නාඞන්නේ, තියෙන හකුර රැකගන්නේ"
ඔය කුලුණ සනිටුහන් කරන්නෙ රටෙ ලමයින්ගෙ මන්දපෝශණය
ජෙප්පන්, පෙරෙට්ටන්, අරගලකරුවන් මේකෙ නගින්න තහනම් කියලා බෝඩ් එකක් ගහන්න.