ඉන්දුනීසියාවෙන් මිලියන 570 ක ඖෂධ සහ උපකරණ
රට පුරා රෝහල්වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .