(ඉන්දිකා  රාමනායක)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මැයි මස 10 දින කොල්ලුපිටිය පොලිස් වසමේ දී පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ 15 සහ පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

පොලිස් නිලධාරීන්ට පහර දීම, අයුතු ජනරාශිය, නීතිය උල්ලංඝනය කිරීම යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.